IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


බියගම වගේ රටම ආයෝජන කලාපයක් කරනවා

(අංජුල මහික වීරරත්න)

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.



අදහස් (8)

බියගම වගේ රටම ආයෝජන කලාපයක් කරනවා

Akila Thursday, 07 September 2023 07:39 AM

පිනා සහ පොරොන්දු 3 වෙනි වටය දැන් පටන් අරන් තියෙන්නේ..., මෙයා යමපාලනයටත් කලින් කරපු ආණ්ඩුවක් යටතේ රට පුර ඇඟලුම් කර්මාන්ත දහස් ගණනක් හදනවා කියලා දීපු පොරොන්දුවක් තවමත් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා...

:       8       22

Bamunuarachchi Thursday, 07 September 2023 09:30 AM

කාටද මේ කියන්නේ තම්බිලාට...? දැන් උන්දැලා පිට පොට ගහනවා ඇති සිංහලයින්ගේ ඉඩම් ටික ගන්න...

:       13       9

ලුම්බිණි Thursday, 07 September 2023 10:23 AM

අනේ එපා...

:       2       10

ගමේ එකාලා Thursday, 07 September 2023 11:28 AM

ආසියාවේ ආස්චර්‍ය කරනවා කියලා ජනතාව ඇන්දුවේත් ඔහොම කියලා තමයි..!

:       2       11

Rata Perata Thursday, 07 September 2023 11:35 AM

ඕවා කරන්න ඔහේ වැඩි කාලයක් ඉන්නේ නැහැ...

:       3       12

Bunny Preena Thursday, 07 September 2023 01:44 PM

මේවගේ සුරංගනා කතා කොච්චරක් අපි අහලා තියනවද ?

:       3       7

Perera Friday, 08 September 2023 02:56 AM

මෙහෙමත් මොට්ට කතා.1977 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියට කරපු කෙහෙල්මලක් නැහැ,දැන් එනවා කියවන්න .වෝක්ස්වැගන් වගේ ගොන් කතාවක් මේකත්

:       0       0

සල්ලි Friday, 08 September 2023 07:22 AM

ලංකාවේ නිවුස් බැලුවොත් 50%ක් පෙන්නන්නේ දේශපාලන පුවත්... පත්තරේ මුල් පිටුව ගත්තොත් ඒත් එහෙමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු
2024 මැයි මස 14 205 0

ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය.


දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට
2024 මැයි මස 14 130 0

ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය.


ලංකාවට එන හැම සුද්දාටම ’’තේ සිහිවටනයක්’’
2024 මැයි මස 14 105 0

ලංකාවට එන විදේශිකයන් සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිල


මෝදි නාම යෝජනා භාර දෙයි
2024 මැයි මස 14 80 0

ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි.


අකුණු සැර වැදිමෙන් ගවයින් මැරිලා
2024 මැයි මස 14 168 0

නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු මියගොස් ඇතැයි නාවලපිට


සා.පෙළ ඉවර වූ සැණින් උසස් පෙළට පන්ති
2024 මැයි මස 14 229 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමවූ වහාම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 675 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2194 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1891 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site