IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අන්තරේ පේරාදෙණි පා ගමනට කඳුළු ගෑස්

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද සවස සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලියකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් උද්ගත විය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවී විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කොට ඇති නව පනත් කෙටුම්පතට එරෙහිවත් එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපතිවරයා මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට මරණීය තර්ජන තර්ජන එල්ල කිරීම ඇතුළු හේතුගණනාවක් මුල්කරගනිමින්  මහා ශිෂ්‍ය සංගමය  සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලියක් මහනුවර නගරය දක්වා පැමිණීමට නියමිතව තිබූ අතර ඊට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක්ද ගෙන තිබුණි .

කෙසේ නමුත් එම අධිකරණ නියෝග ද නොතකා විශ්වවිද්‍යාල සිසුන් සවස 04.30 වන විට ඔවුන් සැලසුම් කොට තිබූ අයුරින්ම එම විරෝධතා පා ගමන ආරම්භ කළ අතර ඊට විශ්ව විද්‍යාල සිසුන් දහසකට අධික ප්‍රමාණයක සහභාගිත්වයෙන් පැමිණි විරෝධතා පෙළපාලිය පැරණි පේරාදෙණිය පාරේ දන්ත පීඨය අසලට පැමිණෙත්ම පොලිස් නිලධාරීන් පොලිස් නිලධාරීන් පන්සියයකට අධික ප්‍රමාණයක් පන්සියයකට අධික ප්‍රමාණයක් යොදවා මාර්ගය අවහිර කොට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දැඩි උණුසුම්කාරී තත්වයක් උදාවිය.



අදහස් (2)

අන්තරේ පේරාදෙණි පා ගමනට කඳුළු ගෑස්

මැක්ස් Wednesday, 06 September 2023 07:11 PM

අපි පාසල් යන අවධියේත්, සරසවි යන අවධියේත් දැන් රැකියා කරන අවධියේත් අන්තර මෝඩ රැලේ මේ "අධ්‍යාපනය විකිණීමේ" විහිළු සහගත බෝඩ් ලෑල්ල දැක ඇත්තෙමු. ඒම සහ නෑම ඔවුන්ට ප්‍රියජනක කටයුත්තක් වූවාට දැන් දැන් තමන්ගේ දරුවන් රජයේ විශ්ව විද්‍යාලවලට නොඑවීමේ ප්‍රවණතාවක් දෙමාපියන් තුළ ඇති වී ඇත්තේත් මේ හාදයින් නිසායි. ඒ අරුතින් නම් නිදහස් අධ්‍යාපනය වනසන්නේ එය රැක ගැනීමට යයි කියා රාජ්‍ය දේපල වනසන පෙසපේ සහ ජවිපෙ අන්ධ අනුගාමිකයන්ගෙන් සුසැදි අන්තර අහිනයි.

:       6       25

Bamunuarachchi Thursday, 07 September 2023 10:04 AM

මේ නම් පුදුම කාලකණ්ණි ටිකක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site