පියාගේ කරදර ඉවසනු බැරිව කපා කොටා මරලා සිය පියාගෙන් සිදුවන බව කියන හිරිහැර ඉවසිය නොහැකිවූ දරුවන් තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී පියා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි 01 April 2023
තනි රෝදයෙන් වැඩ දැමූ හතරක් මාට්ටු තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව් දෙනකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි. 01 April 2023
මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 April 2023
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන්නු 39ක් මාට්ටු අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලින් කෝටි ගණනක මුදල් වංචා කළ චීන ජාතිකයන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි . 01 April 2023
රට ගිය ඇදුරෝ 122ක් කෝටි 24 ක් පොලු තියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 April 2023
වෙඩිතලතිව් ජලජීවී වගාවේ කෝටි දෙකක් වතුරේ යයි මන්නාරම වෙඩිතලතිව් අභයභූමිය ඇතුළත් හෙක්ටයාර 1491 ක පමණ භූමිභාගයක ඉදිකිරීමට යෝජනාවී තිබූ ජල ජීවී වගා කර්මාන්තපුරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති සැලසුම් නිෂ්පාදන සැලසුම් උපදේශන සේවා හා මිනුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන සංවර්ධන අධිකාරිය 2020 වර්ෂයේදී වැය කර තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 April 2023
බිග් මැච් එක අස්සේ අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට බදුල්ල ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මියගොස් තවත් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය කියයි 01 April 2023
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මහතා අද අභාවප්‍රාප්ත විය. 01 April 2023
කැළණි ගගේ නාන්න ගිය 3ක් අතුරුදන් කැළණි ගගේ නවගමුව මාපිටිගම පාලම අසල දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතුරින් තිදෙනෙකු සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරැදහන් ව සිටි එක් අයෙකුගේ සිරැර නාවික හමුදා කිමිදුම් ඒකකය මගින් අද (01) දින උදෑසන සොයා ගත් බව නවගමුව පොලිසිය පවසයි 01 April 2023
ආහාර ද්‍රව්‍ය ආනයන තහනම ඉවත් කරන්න ආනයනය තහනම් කර ඇති ආහාර ද්‍රව්‍ය නීති විරෝධීව මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් එම තහනම් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් එසේ නොවුණ හොත් ජනතාවට තව දුරටත් වැඩි මිලට ආනයනික ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවන බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා පැවසීය. 01 April 2023
කිරිඇල්ලගෙන් අයි.එම්.එෆ් එකට ලොකු චෝදනාවක් රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 01 April 2023
දිස්ත්‍රික්ක කීපයකට තද වැසි ඌව, මධ්‍යම, දකුණු, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද (1) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 April 2023
නිධන් සෙවූ හමුදා කණ්ඩායමක් මාට්ටු මඩකලපුව තොප්පිගල මාවඩිඕඩේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍රයක් යොදා නිදන් වස්තු කැණීම් කරමින් සිටී පොලොන්නරුව වැලිකන්ද රුවන්පිටිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ඇතුළු හමුදා සෙබළුන් තුනක් සහ චීවරධාරියකු, යුද හමුදාවට අයත් ජිප් රථයක් අත්අඩංගුවට ගත් බව කරදියනාරු පොලිසිය කියයි. 01 April 2023
උද්ධමනය තවත් පහළ බසී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස සමස්ත උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. 01 April 2023
දේශපාලක ගෝල බාලයෝ ඕමාන් ආයෝජකයාට පහර දීලා මීගමුව බඩල්ගම හල්පෙ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකට කඩා වැදු ආණ්ඩුප පක්ෂ ප්‍රබල දේශපාලනාඥයකුගේ ගෝලයන් බව කියන කීපදෙනකු එම ඇඟලුම් කම්හල අයිති ඕමාන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකුට සහ ආරක්ෂක නිලධාරියාට පහර දුන්නේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි. 31 March 2023
අයි.එම්.එෆ් ගුණ දොස් බලන්න ජනපතිගෙන් කමිටුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට ඇත. 31 March 2023
ඉන්දියාවෙන් බිත්තර තවත් ලක්ෂ 10 ක් එයි ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 March 2023
‘‘රට පෙරලන්න හදපු අය රටින් පැන යනවා‘‘ ’’රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් සමාජ මාධ්‍යජාල ඔස්සේ රට පෙරලන්න උත්සාහ දරපු කයිවාරුකාරයන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය. 31 March 2023
ගුවනේ නමක් තබා නියමු පියා ගුවනට සමු දෙයි වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31) දින දහවල් පියවර ගෙන තිබුණි . 31 March 2023
පැල්මඩුල්ලේ නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. 31 March 2023
කුඩු අංජුගේ මැනේජර් රිමාන්ඩ් විදේශ ගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන රත්මලානෙ කුඩු අංජු නමැත්තාගේ මුදල් පරිපාලනය සහ මත්කුඩු බෙදා හැරීමේ ජාලය මෙහෙය වූ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශනය අංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රියෙල් මස 06 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (31) දින නියෝග කළාය. 31 March 2023
විදුලි බිල අඩු කරන හැටි උපයෝගිතා කොමිසම විමසයි ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 31 March 2023
එජාපය අනුරාපුර නිවහනට ගෙවදියි එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය අනුරාධපුර කඩපනහ දී පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. 31 March 2023
ජනපති ගාල්ලට කඩා පනී ගාල්ල කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක හෝටල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(31හදිසියේ එහි ගියේය. 31 March 2023
ලෙඩ වූ දුම්රිය රියදුරෝ එති දුම්රිය රියදුරු උසස්වීම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය රියදුරන් ලෙඩ නිවාඩු දමා ඇති බවත් ඔවුන් මේ වන විට සේවයට වාර්තා කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 31 March 2023
ඇමති කංචන ලෝක මට්ටමේ සාකච්ඡාවක විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත සැළසුම්, පෞද්ගලික අංශය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුල්‍ය සහය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සංවර්ධනය පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ලෝක මට්ටමේ ආයතන රැසක නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි. 31 March 2023
අයි.එම්.එෆ් කොන්දේසිවලින් රජය කතා කරන්නේ විකිණීම පමණයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසූ වැදගත් කරුණු රැසක් බැහැර කර ඇති රජය විකිණීම ගැන පමණක් කතා කරමින් සිටින බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 March 2023
වෘත්තීය පුහුණුවේ අමුතු පත් කිරීමක් වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන ගණකාධිකාරීවරයා එහි අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කිරීමට පත් කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝප් කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්විය. 31 March 2023
ඩිජිටල්කරණය වෙිගවත් කරන්න අමාත්‍ය අනු කමිටුවක් ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 March 2023
ඩයනා පැවරූ නඩුවට විරෝධතා ගොනු කරන්න දින දෙයි සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මැයි 22 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (31) නියෝග කළාය. 31 March 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026