ලොක්කන්ගේ වාහන 2000ක් පවුලේ වැඩට විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තාවක සඳහන් වේ. 16 September 2023
මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් සිඟම් යැදීම සදහා පවුලේ අය සමග පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි තවත් යාචක කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසයි. 16 September 2023
බස්නාහිරට,සබරගමුව සහ දකුණට වැසි බස්නාහිර,- සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 September 2023
ජනපති ’’G 77’’ අමතයි ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 16 September 2023
ඉන්දීය අපරාජිත වාර්තාව බංග්ලාදේශ පිල බිඳ දමයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 16 September 2023
ගමන් බෑගයක මළසිරුරක් සීදුව දඬුගම් ඔය ආසන්නයේ අතහැර දමා ගොස් තිබු ගමන් මල්ලක් තුළ සඟවා තිබු මළ සිරක් සීදුව පොලිසිය සොයා ගෙන ඇත. 16 September 2023
කුරුණෑගල පාසලක සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලට කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින්සිසුන් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි 15 September 2023
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න නීතිඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අද ( 15) පත් කරනු ලැබීය. 15 September 2023
වට්ස් ඇප් නිසා ගුටි කෑ තරුණය මාස පහකට පසු මරුට වට්ස්අප් සමාජ මාධ්‍ය හරහා හදුනාගෙන සිටි 44 හැවිරිදි කාන්තාවක සමග කෙටි පණිවුඩ හුවමරු කර ගත්තැයි පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දුන් 21 හැවිරිදි තරුණයා මාස පහකට පසු මිය ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි. 15 September 2023
හෙයා පැෂන්වලින් ලොව දිනා එයි ප්‍රංශයේ පැවති 2023- ඕ.එම්.සී. හෙයාර් වර්ල්ඩ් ( O.M.C. Hair World ) ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියන් දෙදෙනකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත. 15 September 2023
දුම්රිය ගමන් වාර 30ක් අද අවලංගුයි දුම්රිය රියදුරු වර්ජනය අවසන් වුවද අද (15) දිනයේ ද දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක් අවලංගු කළ බවත් ඊට අමතරව සියලුම මාර්ගවල දුම්රිය බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය කළ බවත් දුම්රිය වෘත්තිය සමිති පැවසීය. 15 September 2023
හරක් කටාගේ අසාර්ථක මෙහෙයුමට උදව් කළ පී.සී.ගැන තොරතුරු රැසක් එළියට නදුන් චින්තක හෙවත් හරක් කටා ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ අසාර්ථක උත්සහට සහය දුන් කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක කුඹුරු ඉඩමක් හා තවත් දේපළ මිළදී ගෙන ඇති බවට විමර්ශන කරන පොලිස් නිලධාරීන් හෙළි කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 15 September 2023
අර්ථසාධක අරමුදල ගැන කම්කරු ඇමැතිගෙන් ප්‍රකාශයක් සේවක අර්ථ සාධක අරමුදලට අදාලව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 15 September 2023
උපකාරක පන්ති ගුරා මහේස්ත්‍රාත්ට ලේසරයක් අල්ලලා කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නඩු කටයුත්තක් මෙහෙයවමින් සිටියදී මහේස්ත්‍රාත්වරිය දෙසට ලේසර් කිරණයක් එල්ල කල බව කියන උපකාරක පන්ති ගුරුවරයකු ලබන 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (15) දින නියෝග කළාය. 15 September 2023
ගනේමුල්ල සංජීවට දින 90ක රැඳවුම් නියෝග පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානයක අපරාධ කල්ලි නයක මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදය වැල්ක්වීමේ ආඥා පනත යටතේ අද (15) දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 15 September 2023
ඊජිප්තු තානාපති රුවන් හමුවෙයි ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Maged Mosleh මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(15) පැවැත්විණි. 15 September 2023
හරක් කටා එළියට ගෙන යාම තහනම් කොටුව මහේස්ත්‍රාත්වරයා සහ නිතිපතිවරයාගේ අවසරයකින් තොරව හරක් කටා නොහෙත් නදුන් චින්තක වික්රමරත්නව රහස් පොලිස් බාරයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාම වළාකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 15 September 2023
පාස්කු නඩුවේ කරුණු යළි සළකා බලන්නැයි මෛත්‍රී ඉල්ලයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව දැනට බ්‍රිතාන්‍ය චැනල්4 නාලිකාව මගින් නව තොරතුරු අනාවරණය කර ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධ නඩුවෙි තමන් සම්බන්ධව සඳහන් කර ඇති කරුණු යළි සළකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය 15 September 2023
චැනල් 4 හෙලිදරව් ගැන හොයන ජනාධිපති කමිටුව පත් කරයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ’’චැනල්-4’’ නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 15 September 2023
හරක් කටාට උදවු කළ කොස්තාපල්ගේ වැඩ තහනම් හරක් කටා නොහොත් නදුන් චින්තක නැමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට ආධාර උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 15 September 2023
පෙරහරට ගෙනා අලියා සිසුවා බිලි ගනී පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික පෙරහර වෙනුවෙන් රැගෙන විත් එම විහාරස්ථානයේ බැද දමා සිටි අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පනාමුර පොලිසිය කියයි. 15 September 2023
කසිප්පු වටලන්න ගිහින් අතුරුදන් වූ පීසී ගේ සිරුර හමුවෙයි කිලිනොච්චි ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයාගේ මළ සිරුර මලයාලපුරම් වැවේ පාවෙමින් සිටියදී අද (15) හමු වු බව පොලිසිය කියයි. 15 September 2023
ලංකාවට ආ බිරිඳ - පුතා අතුරුදන්: ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතා නැවතත් ජපානයට නොපැමිණි බවට සඳහන් කරමින් ජපන් ජාතික පුද්ගලයකු විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස් සංචාරක කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි 15 September 2023
මත් උවදුර පාලනයට මැතිසබයෙන් අලුත් තීරණයක් මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා ජනතාවගෙන් අදහස් සහ යෝජනා ගැනීමට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත. 15 September 2023
ප්‍රභූදේවා මෙරටට සුප්‍රසිද්ධ ඉන්දීය කලාකරුවෙකු වන ප්‍රභූදේවා ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විශිෂ්ඨ නර්තන, අධ්යක්ෂණ සහ රංගන හැකියාවන් හේතුවෙන් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ කලාකරුවෙකු බවට මේ වන විට ප්‍රභූදේවා පත්ව ඇත. 15 September 2023
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයෝ විරෝධතාවක සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15) පැවැත්විණි. 15 September 2023
ලොක්කන් හතරක් ගැන මැතිසබා කමිටුවෙන් විපරමක් තනතුරු හතරකට අලුතින් පත් කෙරුණු තවත් ප්‍රධානීන් පස්දෙනකුගේ යෝග්‍යතාව පරික්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 15 September 2023
ජනපති කියුබා ජනපති හමු වෙයි “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) මහතා අතර නිල හමුව කියුබාවේ දී සිදු විය. 15 September 2023
පක්ෂින් ජාවාරමේ යෙදුණු අයෙක් අල්ලයි ආරක්ෂීත පක්ෂීන් ඇතුළු සතුන් කූඩු වලින් ගෙන රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු සැකකරුවකු සැලළිහිනින් තිදෙනෙකු අලෙවි කිරීමට සුදානම් වන අවස්ථාවේදි අත් අඩංගුවට ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි. 15 September 2023
ෆිච් රේටින්ග්ස් ලංකාව පහළට දමයි ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත. 15 September 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026