පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමත කළේය. 03 April 2023
ලක්ෂ 50 යතුරු පැදි සොරා මාට්ටු යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 50 කට ආසන්නව වටිනා යතුරු පැදි අටක් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 03 April 2023
පළාත් රැසකට සවස වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 April 2023
කෝටි 7ක අයිස් මත්ද්‍රව්‍ය තලෛයිමන්නාරමෙන් අල්ලයි තලෛයිමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්‍රදේශයේ අද (2) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 7කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 03 April 2023
එක් කතක් සමග එකට පවුල් කා මරා ගනී අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකදී එක් අයකු අනෙකා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 03 April 2023
පෙමට පිටු පෑ සිසුවියට දහම් පාසලේ දී පිහි පහරක් ප්‍රේම සම්බන්ධයකට අකමැති වූ 15 හැවිරිදි සිසුවියකට දහම් පාසල තුළ සිදුවූ තියුණු ආයුදයකින් ඇන ඇතැයි ගල්ඔය පොලිසිය කියයි. 02 April 2023
ප්‍රංශයේ ශ්‍රී ලංකා නව තානාපතිනි සුභ මොහොතින් වැඩ අරඹයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ නව තානාපතිනී මනිෂා ගුණසේකර මහත්මිය පසුගියදා වැඩ භාර ගත්තාය. 02 April 2023
හේමා නිවෙස බාර දෙයි හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබු කොළඹ නිල නිවෙස ඇය වසර 30කට පසු රජයට පසුගිය 31 වැනිදා සිකුරාදා බාර දුන්නාය. 02 April 2023
බීමත්ව සිටි පොලිසියේ තුනක් අල්ලයි කොල්ලුපිටිය පොලිස් භූමියේ පිහිටි භට නිවස තුළ විවේකීව සිටි පොලිස් නිලධාරීන්ට කරදරයක් සහ හිරිහැරයක් වන ආකාරයට බීමතින් අශෝභන ලෙස හැසුරුණේ යැයි කියන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 02 April 2023
සාජන්ගේ දුරකතනය සොරාගත් පී.සී මාට්ටු මරදාන දස මහල් පොලිස් භට නිවාසයේ නේවාසිකව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුට අයත් රුපියල් 80.000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරාගැනීම සම්බන්ධයෙන් එහි නේවාසිකව සිටින තානාපති කොට්ඨාසය පොලිස් කොස්තාපල්වරයකු මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 02 April 2023
බූරු මුණා බාර දුන් නීතිඥයාගෙන් ප්‍රකාශයක් ගනී ඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 02 April 2023
ඇඟළුම් අපනයනය පහළ බසී ඇඟළුම් අපනයන ආදායම අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 31 වැනි දා නිකුත් කළ මෙම වසරේ පෙබරවාරි මාසයට අදාල විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන වාර්තාවේ මේ බව සඳහන් වී ඇත. 02 April 2023
අවුරුදු සමරන්න සූදානම් වෙති ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මේ දිනවල විශාල ජනතාවක් රැක්ව සිටින ආකාරය දැකගත හැකිය. 02 April 2023
රත්මලානට ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් රත්මලාන දුම්රිය වැඩබිම් පරිශ්‍රයේ දැනට පවත්වාගෙන යන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය රුසියා සහ බෙලාරුසියා ප්‍රවාහන විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ එම රටවල විශ්වවිද්‍යාල බලධාරීන් සමග ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සාකච්ඡා කළේය. 02 April 2023
රුසියානු ජාතිකයාට පහරදුන් ධීවරයා අත්අඩංගුවට වැලිගම සුපිරි වෙළඳසැලක පෝලිමෙන් පැන මත්පැන් ලබාගත් බව කියන රුසියානු ජාතිකයෙකු ට විදුරු බෝතලයකින් පහර දී තුවාල සිදුකළ ධීවරයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 02 April 2023
ගුවන් තොටට තෙල් ගබඩාවක් ගුවන්යානා ඉන්ධන ප්රශ්නය විසඳීම සඳහා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 35,000ක් ගබඩා කිරීම සඳහා ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයට ලබාදී ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 April 2023
ජනපති සටනට රනිල් ගේන්න පොහොට්ටුව වැඩ අරඹයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් දැන් සිටම සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. 02 April 2023
දාන ගෙදරක ගිහින් එද්දී ලොරියක හැපී ත්‍රිෙරා්ද රියැදුරු මරුට පුත්තලම ප්‍රදේශයේ දාන ගෙදරකට සහභාගි වී ආපසු සිදූව දක්වා ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථයක් මාරවිල දී ලොරි රථයක ගැටි සිදුවු අනතුරකින් 34 හැවිරිදි පුද්ගලකු මරණයට පත්ව කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු බරපතල තුවාල සිදුව ඇති බව මාරවිල පොලිසිය කියයි. 02 April 2023
ඉන්දියාවෙන් තෙල් පිරිපහදුවක් තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 April 2023
‘‘උ.ප්‍රශ්න පත්‍ර ගැටළුවට රජය වගකිව යුතුයි‘‘ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව ප්‍රමාදවීම දිගින් දිගට ඇදි යාමට වගකිව යුත්තේ ආණ්ඩුව මිස තමන් නොවේ යැයි විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය පවසයි. 02 April 2023
හෙරළි පෙරළියට ජනපති මුල පුරයි ’’ගුවන් හමුදා හෙරළි පෙරළි’’ නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කෙරිණි . 02 April 2023
සේනා දළඹු හානි වෙනුවෙන් මිලියන 657 ක් 2021 මහ කන්නයේ දී මෙරට බඩ ඉරිඟු වගාවට බලපෑ සේනා දළඹු වගා හානිය හා වී වගාවට සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තා වූ කරුණු පරීක්ෂා කර බැලීමෙන් අනතූරුව එම වගා හානි සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 657ක් ගොවීන්ට ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 April 2023
වැඩි මිලට ඖෂධ මිලගැනීම අඛණ්ඩව වැඩි මිලට ඖෂධ මිලගැනීම අඛණ්ඩව සිදුවන බවත් තවත් ඖෂධ දෙකක් වැඩි මිලට මිලගැනීමට සූදානම් වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි. 02 April 2023
තෙල්,විදුලි,ගුවන් ආයතන තුනේ කෝටි අසූ පන්දහසක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ මුල් මාස අටේදී පමණක් රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 02 April 2023
ශ්‍රී ලංකාව ‘සුපිරි ඕවරයේදී’ ජය ලබයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕක්ලන්ඩ්හිදී අද (2) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී ජය ලැබීමට සමත් වූහ. 02 April 2023
අකුණු සැරෙන් අයෙක් මරුට ඌව කුඩාඔය වෙහෙරයාය ප්‍රදේශයේදි අකුණු සැර වැදිමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඌව කුඩාඔය පොලිසිය පවසයි. 02 April 2023
රේල් පාරේ වාඩි වී සිටි අයෙක් දුම්රියට බිලි දුම්රිය මාර්ගයේ වාඩිවී සිටී පුද්ගලයකු අද (02) අලුයම ඉන්ධන ප්‍රවාහන කරන දුම්රියේ ගැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . 02 April 2023
බිම්බෝම්බ ඉවත් කිරීමේ සැලැස්ම කියයි ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙි. 02 April 2023
ආරක්ෂිත පක්ෂින් ළඟ තබාගත් අයෙක් මාට්ටු කිලිනොච්චිය වෙළදපොලේ කරන ලද වැටලීමකදී ආරක්ෂිත පක්ෂින් තබාගෙන සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය කියයි. 02 April 2023
බොහෝ ප්‍රදේශවලට අදත් වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (2) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026