
(විමුක්ති එස් රුද්‍රිගු)
2023 වසරේ අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබූ වියදම් පොරොන්දු 25 ක් අතරින් 17 ක ප්‍රගතිය ඇගයීමට ලක් කිරීමට හැකියාවක් නොලැබුණු බවත් අදාළ අමාත්‍යංශ එම පොරොන්දු පිළිබඳව ප්‍රසිද්ධ කළ යුතු තොරතුරු මාර්ගගතව ප්‍රසිද්ධ කර නොතිබීම එයට හේතු වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
මෙම අයවැය පොරොන්දුවල මුළු වටිනාකම රුපියල් බිලියන 49.5 ක් බවත් ඉන් ප්‍රගතිය ඇගයීමට ලක් කළ නොහැකි පොරොන්දු 17 මුළු වටිනාකම රුපියල් බිලියන 47.7 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.එම මුදල මුළු වටිනාකමින් සියයට 97 ක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
එම පොරොන්දු 25 න් පොරොන්දු දෙකක ප්‍රගතිය සතුටුදායක බවත් තවත් පොරොන්දු 6 ක් මන්දගාමී ප්‍රගතියක් ලබා ගෙන ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම බාරව තිබෙන අමාත්‍යංශ 15 න් ප්‍රසිද්ධ කළයුතු තොරතුරු මාර්ගගතව ප්‍රසිද්ධ කර ඇත්තේ එක් අමාත්‍යංශයක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.
ප්‍රගතිය හෙළි කිරීමට රජය දක්වන මැලිකම 2017-2021 වසරට සාපේක්ෂව 2022-2023 වසරේදී සියයට 45 සිට සියයට 70 දක්වා වැඩි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.ජාතික අයවැය දෙපාර්තමේන්තුව අයවැය සැකසීම සහ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා වගකීම දැරුවත් 2023 අයවැය පොරොන්දු ඉටුකිරීම සඳහා වගකිවයුතු නියෝජිතායතනය නිවැරදි ලෙස හඳුනාගැනීමට එම දෙපාර්තමේන්තුව අපොහොසත් වූ අවස්ථා තිබූ බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 44 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.තවත් ප්‍රධාන ගැටළුවක් නම් එකම පොරොන්දු නැවත නැවත ඉදිරිපත් කරමින් ඒවා ඉටු කිරීමට දිගින් දිගටම අසමත් වීම බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
මෙම ගැටලු මෙම වසරේ පමණක් මතු වූ ඒවා නොවන බවත් සෑම වසරකම මෙම ගැටලු මතු වන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’අය වැය පොරොන්දු 25 කින් 17ක තොරතුරු නෑ’’