IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගම්පහ ලාදුරු අවදානමක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් හදුනාගැනීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

ජාතික ලාදුරු මර්ධන ඒකකයෙහි සහ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගේ උපදෙස් පරිදි රෝගීන් හදුනාගැනීම පිනිස සිදු කරනලද පරීක්ෂාවන් අනුව මෙම වසර තුලදී මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 130 දෙනෙකු පමණ හඳුනා ගැනීමට හැකිව ඇති බව දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය නිලංගී සුභසේකර මහත්මිය ප්‍රකාශ කළාය. 

ලාදුරු රෝග තත්ත්වය කලින් හඳුනාගනිමින් නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මත නිට්ටාවට සුවපත්විය හැකි බව සදහන් කළ වසංගත රෝග වේදඥවරිය ,  හිරිවැටීම් සහිත වීම සහ සමෙහි ළප කැළල් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සමේ රෝග සායනයක් හෝ සමේ රෝග වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද පෙන්වා දෙනු ලැබුවාය. 

ලාදුරු රෝගයට ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීමෙන් විකලාංග තත්ත්වයකට පවා පත් විය හැකි බව ඇය පැහැදිලි කළ අතර මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර ලැබීම ඉතා අත්‍යාවශ්‍ය බවත් නිසි ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව වියහැකි බවත් සදහන් කළාය. 

 

 



අදහස් (0)

ගම්පහ ලාදුරු අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site