ප්‍රහාරයට සම්බන්ධ කාටවත් සමාවක් නෑ - ඉරානය ඉරානයේ කෙර්මාන් නගරයේ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ හෝ අනුබල දුන් කිසිවකුට කිසිම සමාවක් නොදෙන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා තිබේ. 04 January 2024
ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ බෝම්බ පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබූ ඉරාන වැසියන් සම්බන්ධයෙන් සොව පළ කළ ඇමෙරිකාව තරයේ පවසා ඇත්තේ ඉරානයේ බෝම්බ පිපිරීම්වලට ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. 04 January 2024
අවිවාහකයා සැක ලෙස මිය ගිහින් ගෝනපොල කුබුක බටහිර කුඹුක වෙල් යායක ඕවිටක් තුළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවූ බව මොරගහහේන පොලිසිය කියයි 04 January 2024
දිවිය ලෝකේ පෙන්නා හතක් මරුකටට යැවූ දේශකයා කවුද උග්‍ර විසක් ශරීර ගත වී මියගිය ගණන හතක් දක්වා ඉහළ ගොස් ඇත. අවසන්මරණ දෙක ඊයේ දින වාර්තා වූ අතර සරසවියට මෙවර තේරුණු සිසුවියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු සයනයිඩ්වලට සමාන උග්‍ර වස වර්ගයක් ශරීරගත විමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 04 January 2024
හිටපු පා.ම. දයාශ්‍රිත තිසේරා සජබට එක්වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කරන ලදී. 04 January 2024
‘යුක්තිය’ තවත් 1,000 ක් අල්ලයි ‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අද (4) පෙරවරුවේ පැවසීය. 04 January 2024
ජීවන බර 75% කින් අඩු වෙන කාලය කියයි මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 04 January 2024
වයඹ ගුරුවරුන්ට ටියුෂන් තහනම් වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 04 January 2024
පොලිස් වෙසින් සොරකමේ ගිය නාවික භටයින් 4ක් මාට්ටු පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වැල්ලවත්ත ප්‍රදේශයේ දුරකථන මාධ්‍යයස්ථානයකින් මුදල් හා වටිනා ජංගම දුරකථනයක් සොරා ගන්නාලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනෙකු අද (04) වන දින අලුයම වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 04 January 2024
කොස්ගම විහාරස්ථානයක හිමි නමක් පැහැරගෙන? කොස්ගම හිගුරල දෙහිගහලන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පැහැර ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි 04 January 2024
ජනපති අද උතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි. 04 January 2024
සහල් වෙළෙඳ බද්ද රුපියලට අඩු කරයි ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. 04 January 2024
වතු නිවාස තුනක් ගින්නට බිලි තලවකැලේ, ලිඳුල ලොකු රහන්වත්ත වතුයායේ වතු ලයිම් කාමර නිවාස පෙළෙක අද (04) අලුයම ඇති වු ගින්නකින් වතු ලයිම් නිවාස තුනක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 04 January 2024
තැනින් තැනට පොඩි වැස්සක් නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 04 January 2024
කුඩ්ඩන්ගෙන් ලද තොරතුකින් උණ්ඩ හමුවේ යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ටී 56 උන්ඩ අටක් සහ ලේසර් පතුරම් 2 ක් සමග තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. 04 January 2024
පුරාවස්තු සොයා කැනීම් කළ හත් දෙනෙක් දැලේ හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 04 January 2024
හොරෙන් ගෙනා දුරකතන සමග දෙකක් සැකපිට තීරු බදු සහිතව මෙරටට ගෙන්වන ලද දුරකථන තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මීගමු පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 04 January 2024
ගිනි අවිය සුද්ද කරන්න ගිහින් වෙඩි වැදිලා වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. 04 January 2024
විදුලි බලය -ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවා කරයි විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 January 2024
හරක් කටාට කඩේ ගිය පොලිසියේ 19 ක් ගැන සොයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 කු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 January 2024
වගා වන්දි ඉල්ලා කෘෂි රක්ෂණ මණ්ඩලය වටලයි වගා හානි වන්දි පොහොර සහනාධාරය ඉල්ලා වලව ගොවි සංගම් එකමුතුගේ ගෙවීන් පිරිසක් ඇඹිලිපිටිය කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල කාර්යාලය වැටලූහ. 03 January 2024
ඉරානයේ බෝම්බ දෙකක් පිපිරී 103 ක් මරුට ඉරානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 103 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 03 January 2024
‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘ අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 03 January 2024
ගාල්ලේ රැඳවියෙක් මරුට ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. 03 January 2024
එක්ස්ප්‍රස් පර්ල් නඩුවට වූ දේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලදැයි චෝදනා කරමින් නෞකාවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතයන්ට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ලබන 23 වැනිදා නඩුව යළි කැඳවීමට නියම කළේය. 03 January 2024
දිවියා පැන්නාම ඇළට වැටී දවස් 2ක්ම ගහක් උඩ දර කැඩීමට ගිය අවස්ථාවේ දිවියකු ඇඟට පැනීම හේතුවෙන් අසල වූ ඇළකට වැටී කිලෝ මීටර් නවයක් පමණ දුරට ගසාගෙන යද්දී මයිල ගසක එල්ලී දින දෙකක් රැඳී සිටි ගැමියකු බේරා ගැනීමට ප්‍රදේශවාසීහු පිරිසක් සමත් වූහ. 03 January 2024
ගංවතුර නිසා පොලොන්නරුවට විශේෂ විභාග මධ්‍යස්ථානයක් පොළොන්නරුවව දිස්ත්‍රික්කයට බලපා තිබෙන ආපදා තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර උසස් පෙළට පෙනී සිටින සියලු දරුවන් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලය විශේෂ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්යා විභාගේ කොමසාරිස් එච්.එම්.ඒ. විපුලසිරි හේරත් මහතා සඳහන් කළේය. 03 January 2024
ලංකාව මානුෂිය ඛේදවාචකයකට පත්වෙලා වර්තමාන ආණ්ඩුවේ ක්රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (3) පැවසීය. 03 January 2024
අවිෂ්ක ප්‍රනාන්දු නැවත සංචිතයට කැඳවයි සිම්බාබ්වේ පිලට එරෙහිව මේ 6 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ලෝක කුසලාන තරගාවලියේදී ස්ථානය අහිමිවූ අවිෂ්ක ප්‍රනාන්දු ඇතුළත් කර තිබේ. 03 January 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026