
(ප්‍රසාද් රුක්මල් )
පසුගිය දිනවල ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හතම විවෘත කළ බව ජලාශය බාර නිලධාරීහු පවසති.
ජලාශයෙන් පහළ ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් සිටින්නැයි දැනුම් දුන්නේය.
ඉකුත් දින කීපය මුලුල්ලේ පැවැති තද වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගිය බවත් , ජලාශයේ රදවා ගත යුතු ප්‍රමාණයට වඩා ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් මෙසේ මීටර් 0.1 බැගින් ජලාශයේ පිටවානේ දොරටු හතම විවෘත කල බවත් හෙතෙම කීය .
ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ද මෙම ජල පහරින් යටවී යන හෙයින් එම ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් දැනුම් දී සිටි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd