( ජේ.ඉඳුරුවගේ )
සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබේ.
අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉකුත් නොවැම්බර් 27 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් සාම විනිසුරු පත්වීමක් දීමේ අධ්‍යාපන සුදුසුකම ලෙස උසස් පෙළ විෂයන් තුනක් සමත් විය යුතු බව නියම කර තිබිණි .
එම නියමය සංශෝධනය කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදයක් ඉකුත් 13 දිනයෙන් නිකුත් කරමින් සාම විනිසුරු පත්වීම් දීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ දෙකක් සහිතව විෂයන් හයක් සමත් විය යුතුබව නියමකර තිබේ.
එසේ වුවත් එම සුදුසුකම නොමැති අයෙක් වුවද ඔහු ප්‍රජාව වෙත කළ ආදර්ශවත් සේවයක් සලකා සාම විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඒ බව සළකා එම තැනත්තා සාම විනිසුරුවරයෙකු ලෙස පත්කළ හැකි බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදීම 2 සමත් එවුනුත් සුදුසුයි කියලා ගැසට් ගහයි. 8 සමත් දේශපාලුවා ඉන්න. හොරට ලෝ සමත් දේශපාලුවෝ ඉන්න රටකට ඕවා මොනවාද?
ගෝනවල සුනිල් කියන මැරයාට ජේපී කම් දීපු එක්කෙනා තමයි වර්තමානයේ රට පාලනය කරන්නේ. ඒක නිසා ඕක පුදුමයක් නොවෙයි. අනෙක තම සහචරයෝ උසස් පෙළ සමතුන් වෙන්න බැහැ. යන කොට කොරහත් බිඳගෙන යනවා වගේ, අහෝ පිනාටම ගිය රට...
විජමු ලොකුබණ්ඩාර අධිකරණ ඇමැතිකාලේ සාමාන්‍යපෙළවත් හරියට සමත් නැති එයාගේ හපුතලේ නෑ කෙනෙකුට මුලු දිවයිනටම ජේපී පට්ටමක් දුන්නා. ඒ නෑයා ඒ වෙනකොට හපුතලෙන් ඇවිත් හිටියේ... ඒ නිසා කවුරුත් මේ නෑකම දන්නේ නෑ. ඒ ගෑනු එක්කෙනාට තනියෙන් ඇප්ලිකේශන් එක පුරවා ගන්න බැරි නිසා නෑනාගෙන් උදව් ගන්න ඕනෑ නිසා ඒ නෑනාටත් ජේපී පට්ටම අරන් දුන්නා. එයත් හරියට සාමාන්‍ය පෙළ සමත් නෑ. හැබැයි මොලයක් තියනවා. ඒ කාලේ විජමු හපුතලේ අයට දිගට හරහට ජේපීකම් දුන්නා කියලා ඒ අයම කිව්වා. ඔය කියන නෑදෑ එක්කෙනාට අදවත් හරියට ලියුමක් ලියන්න බෑ. එයාගේ අනික් නෑනලා වගේ අයගෙන් තමයි උදවු ගන්නේ...