
(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)
මොරගල්ල කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටී තිදරු මවක කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ එස්. ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැව්රිදි කාන්තාවකි පොලිසිය කීය.
මියගොස් ඇති කාන්තාව මුහුනේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිට ඇති අතර , ඇය බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් , ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව පොලිස් විමර්ශනවලදී නිවසේ නිදන කාමරයේ, මැදසාලේ සහ ඉදිරිපස දොරටුව අසල ලේ පැල්ලම් දක්නට ලැබෙන බව පෙනී ගොස් ඇත.
අලුත්ගම පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව මේ වනවිට එම නිවසේ පදිංචිකරුවන් වෙතින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත්, සිද්ධිය වනවිට ස්වාමියා පුතකු සහ දියණියක එම නිවසේ සිට ඇති බවට තහවුරු වී ඇති බවත්,ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ මව තුවාල සහිතව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටියදී රෝහල් ගත කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd