IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිරකරුවෝ උසාවි සිර කුටියේ ගුටි කෙලගෙන

(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) දින බන්ධනාගාරයේ සිට රැගෙන ආ සිරකරුවන් දෙපිරිසක් අතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි සිර මැදිරිය තුලදී සිදු වූ  ගුටි බැට හුවමාරුවක් නිසාවෙන් ඇති වූ නොසන්සුන්තාව බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසයි.

බන්ධනාගාරයෙහි සිට බස් රථ තුනකින් සිරකරුවන් පිරිසක් රැගෙනවිත් අධිකරණ සිර මැදිරිය තුල රදවා සිටියදී මෙලෙස සිරකරුවන් දෙපිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයි ද  එම අවස්ථාවේදී අදාල සිර මැදිරිය තුල සිරකරුවන් සියයකට වැඩි පිරිසක් රදවා තබා සිට ඇතැයිද ඒ මහතා පවසයි

සිර මැදිරිය තුල ගුටිබැට හුවමාරුව සිදු වූ අවස්ථාවේදී බන්ධනාගාර නිළධාරීන් කිහිප දෙනෙකු එම සිර මැදිරිය තුලට ගොස් එම ගැටුම වළක්වාලීමට කටයුතු කර ඇත

මෙම සිරකරුවන් අතර සිදු වූ ගුටි බැට හුවමාරුව නිසාවෙන් අධිකරණයෙහි ඇති වූ නොසන්සුන්තාවය නිසාවෙන්  අධිකරණ කටයුතු විනාඩි කිහිපයකට නවතා දැමීමට ද සිදුව ඇති බවද වාර්තා වේ



අදහස් (0)

සිරකරුවෝ උසාවි සිර කුටියේ ගුටි කෙලගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site