
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ සේවකයන් පැය 6 කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මීට සුළු මොහොතකට පෙර රෝහලෙන් පිට කිරීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
විරෝධය දක්වමින් සිටි සේවකයන් මඟ හැර දැඩි ආයාසයක් යොදා ඒ මහතා රෝහලෙන් පිට කළ බවත් විරෝධයේ යෙදී සිටි සේවකයන් මේ වන විට විසිර යමින් සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් අද පස්වරු 1.15 ට පමණ එම රෝහලේ සේවකයින් පිරිසක් ඒ මහතාගේ කාර්යාලය වට කර විරෝධයක නිරත වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොක්ටට ජය... කාලකන්නි ජෙප්පෝ...
සුළු සේවකයින්ට බෙහෙත් දෙන්න කියලා අස්වීමේ ලිපිය දුන්නා නම් හරි... මොකද ලංකාවේ රාජ්‍ය අංශය පාලනය කරන්නේ බහුතරයක් සිටින සුලු සේවකයින්... කරාපිටියේ ඩොක්ටර් කළේ ඒ වගේ...