
(අංජුල මහික වීරරත්න)
සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි වලින් සීයයට හැත්තෑවකට වර්තමානයේ විසැදුම් ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් සදහා හදුන්වා දුන් ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල ක්‍රමය ඉතාමත් සාර්ථක බව කී අමාත්‍යවරයා එම ක්‍රමය දිවයින පුරා හදුන්වාදීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.
සමථ මණ්ඩල කටයුතු වෙනුවෙන් ලබා දෙන පහසුකම් ලබා ගනිමින් එම ක්‍රමය තවදුරටත් ජනතාව අතර ව්‍යාප්ත කිරීමට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
අධිකරණ ක්‍රියාවලිය මුහුණ දී සිටින බරපතල ගැටළුක් ලෙස නඩු ප්‍රමාදය සදහන් කළ හැකි බවද නඩු ප්‍රමාදය අවම කිරීමට ක්‍රියා මාර්ග රාශියක් ගෙන තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා කීය.
යුරෝපා සංගමයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ආසියානු පදනම හා බ්‍රිතාන්‍ය කවුන්සිලය SEDR ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශිය මට්ටමින් කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය හා සමථකරණ ක්‍රියාවලිය බල ගැන්වීම සදහා සමථ වැඩ සටහන් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් (සමථ) වෙත පරිගණක ලැප්ටොප් ප්‍රදානය කිරීමේ වැඩ සටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.
අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම වැඩ සටහන පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් සමථ මණ්ඩලයේ කටයුතු කරන්න කැමතියි. මම රජයේ සේවයේ මාණ්ඩලික මට්ටමේ තනතුරක් දරා විශ්‍රාම ලැබූ අයෙක්. සමත මණ්ඩලය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළා.. සම්මුඛ පරීක්ෂණ සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ සිට අධ්‍යාපන සහතික සමග එන්න කියපු නිසා ගියේ නැහැ. සාමාන්‍යයෙන් රජයේ සේවයේ හිටපු කෙනෙකුට අවසාන වශයෙන් සේවය කළ ස්ථානයෙන් ලබාගත හැකි සේවා සහතික මත බඳවා නොගැනීම නිසා බලවත් කණගාටුවක් ඇති වුණා.