(අංජුල මහික වීරරත්න)

2024 වර්ෂයේ කොරියා භාෂාව විභාගයට අදාල අයදුම් පත්‍රයක් මේ වන විට අන්තර්ජාලය සංසරණය වන අතර එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධාරණය කර සිටියි.

එසේම මෙම විභාග අයදුම්පත්‍රය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බව කොරියානු HRDK ආයතනය නිල වශයෙන් ව්‍යාජ තහවුරු කර ඇත. එම ව්‍යාජ google form වෙත තොරතුරු ලබා දීමෙන් වලකින ලෙස කාර්යාංශය දන්වයි.

2024 කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ පල කර ඇති කොරියානු EPS විභාගය සම්බන්ධ උපදෙස් විස්තර මත පමණක් පදනම්ව කටයුතු කරන්නැයි ද ඉල්ලා සිටී.

එහි පළකර ඇත්තේ අයැදුම්පත්‍රයට අදාල උපදෙස් පමණක් වන අතර නිල අයදුම් පත්‍රය පෙබරවාරි 26 සිට 29 දක්වා www.slbfe.lk හි පමණක් පළකරන බවත් වැඩි විස්තර 1989 අමතා ලබා ගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටී.