
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
බන්ධනාගාරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වූ යූලියා නෙවල්නායා මියුනිච්හි ඊයේ(16) පැවති ආරක්ෂක සමුළුවකදී ප්‍රකාශ කළාය.
රුසියානු පාලනයට විරුද්ධව සටන් කිරීමට එකතු වන ලෙසද ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එහිදී ඇය ඉල්ලීමක් කළාය.රුසියානු රජයේ මුලාශ්‍ර වලින් ලැබෙන ආකාරයෙන් සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් වූ ශෝකජනක පුවත විශ්වාස කළ යුතුදැයි තමන් නොදන්නා බව එම සමුළුවේදී නෙවල්නායා පැවැසුවාය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ රජය සැමවිටම අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන බවත් ඔවුන්ව විශ්වාස කළ නොහැකි බවත් නෙවල්නායා ප්‍රකාශ කළාය.ඉක්මනින් පුටින් සහ ඔහුගේ සගයන්ට මරණයේ වගකීම බාර ගැනීමට සිදුවනු ඇති බවත් නපුරට එරෙහිව සටන් වැදීමට ජාත්‍යන්තර ප්‍රජාව එකතු විය යුතු බවත් නෙවල්නායා එහිදී පැවසුවාය.
රුසියානු බලධාරීන් වාර්තා කරන අන්දමට ඇලෙක්සි නෙවල්නිගේ මරණය සත්‍යයක් නම් රුසියානු ජනාධිපතිවරයාට සහ ඔහුගේ සගයන්ට අනිවාර්යයෙන් දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය.
අවසන් වරට ඇලෙක්සි නෙවල්නිගේ මව පසුගිය 12 වැනිදා සිය පුත්‍රයාව බන්ධනාගාරයේදී මුණගැසී ඇති බවත් එම අවස්ථාවේදී ඔහු නිරෝගිව, සතුටින් සිටි බව ඇය ප්‍රකාශ කළ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
ඇලෙක්සි නෙවල්නි මියයන අවස්ථාවේදී වසර 19 ක සිර දඬුවමක් විඳිමින් සිටියේය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියා විපක්ෂ නායක ඇලෙක්සිගේ මරණය සැකයිලු