සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
යමලෝ නෙනෙට්ස් පළාතේ බන්ධනාගාරයක සිර දඬුවම විඳිමින් සිටි 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි එරට වේලාවෙන් ඊයේ(16) පස්වරු දෙකට මියගොස් ඇතැයි බන්ධනාගාර නිලධාරීහු වාර්තා කළහ.
ව්‍යායාම කිරීම සඳහා සිර කුටියෙන් එළියට පැමිණ ව්‍යායාම කරමින් සිටියදී හදිස්සියේ සිහි නැතිව ඇද වැටුණ බවත් අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දුන්නත් ඔහුගේ සිහිය නැවත ලබා ගැනීමට නොහැකි වූ බවත් බන්ධනාගාර නිලධාරීහු පැවැසූහ.
නිල වශයෙන් මරණයට හේතුව ප්‍රකාශ කර නැතත් ලේ කැටියක් සිර වීමෙන් මරණය සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
වංචා සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් 2021 වසරේදී ඇලෙක්සි නෙවල්නි සිරගත කළේය.
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝම හාමුදුරුවෝ මතක් වුණා...
ඔන්න හෙට අනිද්දාම දූත පිරිසක් යවයි වැඩේ බලන් එන්න... බොරුද බලන්න...?