යතුරු පැදියක් හා පාපැදියක් ගැටී ට්‍රැෆික් OIC මරුට එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය හා අඹුසැමි යුවලක් ගමන් ගත් පාපැදියක් මොරන්තුඩුව කන්දෙ කඩේ ප්‍රදේශයේදී අද (26) රාත්‍රී එකිනෙක ගැටීමෙන් ස්ථානාධිපතිවරයා මියගොස් අඹුසැමි යුවළ බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි 26 January 2026
නාමල්ට ඉන්දියවේදී උණුසුම් පිළිගැනීමක් ඉන්දීය ජනරජ දිනය සැමරීමට ඉන්දියාවේ ආරාධනයෙන් ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාට විශේෂ පිළිගැනීමක් ඉන්දියාවෙන් අද (26) හිමිවිය. 26 January 2026
පළමු ගල් අගුරු නැවෙන් කෝටි 140ක් පාඩුයි වර්තමාන ආණ්ඩුව යටතේ ආනයනය කළ පළමු ගල් අගුරු නැවෙන් පමණක් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 1,400 ක් හෙවත් රුපියල් කෝටි 140 ක පමණ සෘජු මූල්‍ය පාඩුවක් වී ඇති බවත් එම පාඩුව ආණ්ඩුව ඒ සඳහා පනවා ඇති ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් මිලියන 620 මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත් හිටපු විදුලිබල අමාත්යවරයෙකන් මෙන්ම එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා අද (26) පැවසීය. 26 January 2026
කතානායකට විශ්වාසභංගයක්? කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එ්මට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරැ පිරිසක් සූදානම් වෙති 26 January 2026
ඩයනාට එරෙහි නඩුවට දින දෙයි ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි කියන හිටපු ඇමතිනී ඩයනා ගමගේ විත්තිකාරියට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 16 සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (26) දින නියම කළේය. 26 January 2026
තරුණ ප්‍රජාවෙන් සියයට 39 ක් මානසික පීඩනයෙන් පෙළෙනවා ශ්‍රී ලංකාවේ වයස 10 ත් 24 ත් අතර තරුණ ප්‍රජාව අතර මානසික අවපීඩන සියයට 39 ක් තරම් ඉහළ ප්රතිශතයක පවතින බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා අද (26) පැවසීය. 26 January 2026
පිළිස්සුණ මළ සිරුරක් කුරුදු කැලෑවක ඌරගස්මංහන්දිය කයිලත්ත ප්‍රදේශයේ කුරුඳු කැලෑවක පිලිස්සුම් තුවාල සහිත අභිරහස් අයුරෙන් මිය ගිය පිරිමි අයෙකුගේ මළ සිරුක් අද (26)සොයා ගත් බව ඌරගස්මංහන්දිය කියයි. 26 January 2026
නාමල්ට 9.30ට සීඅයිඩීයට එන්නැයි 9.50ට දන්වයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය ජනරජ දිනයට සහභාගිවීමට ඉන්දියාවට පිටත්ව ගොස් සිටියදී අද (26) පෙරවරු 9.30 ට සීඅයිඩීයේ පෙනී සිටින ලෙස පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පොලිසිය දැනුම් දුන් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. 26 January 2026
මත් සැකකරුවෝ 851ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 851 ක් ඊයේ (25) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 26 January 2026
ආපදා පීඩිතයන්ට ඉඩම් දෙන්න අවස්ථාවක් සුළි කුණාටු ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලීන්ට අවස්ථාව ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 26 January 2026
බිඳ වැටුණු ආගමික තැන් හදන්න ජාතික වැඩසටහනක් දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රජය ජාතික වැඩසටහනක් අරඹා තිබේ. 26 January 2026
ආපදා පීඩිතයන්ට ඉඩම් දෙන්න අවස්ථාවක් සුළි කුණාටු ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාග ශීලීන්ට අවස්ථාව ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 26 January 2026
සෞඛ්‍ය කළමණාකරණ සහකාර පත්වීම් 213 කට රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත. එම පත්වීම් ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේ දී සිදු කිරීමට නියමිතය. 26 January 2026
චමින්ද කුලරත්නගෙන් ලෝක සංවිධාන හතරකට පැමිණිලි වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය. 26 January 2026
අඹුසැමි යුවළ බියගන්වා ලක්ෂ 40 ක් කොල්ලකාලා කළු පැහැති ඇඳුමින් සැරසි කළු පැහැති රෙදි වලින් මුහුණ වසාගෙන අතුරුගිරිය බොරළුගොඩ පාර දෙමහල් නිවසකට කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කල්ලියක් නිවැසි අඹුසැමි යුවළට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් කොල්ල කා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි. 26 January 2026
රියදුරු දස්කමින් ජීවිත 80ක් බේරෙයි තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබියදී බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා රියදුරුදු විසින් නතර කර ගැනීමට සමත් වී ඇති බව ගිනිගත්හේන පොලීසිය කියයි. 26 January 2026
ලක් මව රනින් සරැසු ‘ටාවි ‘ ලංකාවට වයස අවුරුදු 11 න් පහළ ලොව අංක 01ස්ථානයේ පසුවන , ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර , බහරේනයේ සහ කටාර් රාජ්‍ය වල පැවති තවත් ලෝක ශ්‍රේණි ගත කිරීමේ තරගාවලි දෙකක් ජයග්‍රහණය කරමින් රන් පදක්කම් 02 ක් දිනා ගෙන අද(26) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය . 26 January 2026
කෝටි තුනක ‘අයිස්‘ සමඟ අයෙක් මාට්ටු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තන්ගේ සමීපතමයෙකු රුපියල් කෝටි 03 කට අධික වටිනා කිලෝ 03 කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 26 January 2026
ගල් අඟුරු අර්බුදයක් ආන්දෝලයට ලක්ව ඇති ගල් අඟුරු ටෙන්ඩරය යටතේ ලැබුණු ගල් අගුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ලබන අප්‍රේල් මාසයට පෙර මෙම වසරට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය ආනයනය කළ නොහැකි තත්වයත් උද්ගතවී ඇති බවත් එසේ වුවහොත් රට දැඩි බලශත්කි අර්බුදයකට පත්වන බවත් විදුලිබල ක්ෂේත්රය පිළිබඳව විශේෂඥයෝ පවසති. 26 January 2026
පළාත් කීපයකට අදත් වැසි උතුරු, උතුරු-මැද, නැගෙනහිර ,වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 26 January 2026
අධිවේගයේ දමා ගිය සැක මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා බෙලිඅත්ත අතර කිලෝ මිටර 140 කණුව ආසන්නයේ දොරගුළුලා අත්හැර ගොස් තිබූ සැකකටයුතු අති සුඛෝභෝගී මෝටර්රථයක් සිය භාරයට ගෙන තිහගොඩ පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය කියයි 25 January 2026
කොළඹ පෙර පාසල් ගුරු වැටුප රු. 10,000 කින් ඉහළ දමයි කොළඹ නගර සභාව පාලනය කරන පෙර පාසල්වල ගුරුවරුන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමීමට එම නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව නගර සභාවේ පෙර පාසල් ගුරුවරයකුගේ වැටුප රුපියල් 30,000 ක් දක්වා ඉහළ දැමූ බවත් සමඟි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා ‘ලංකාදීප’යට අද (25) පැවසීය. 25 January 2026
ගල්අඟුරු බාලයි: සැපයුම්කරැගෙන් දඩයක් ලක්විජය බලාගාරයට ගෙන ආ ගල් අඟුරු තොගයේ තාප ශක්ති අගයේ අඩුවක් ඇති බව හඳුනාගැනීම හේතුවෙන් සැපයුම්කරැගෙන් දඩයක් අය කර ගැනීමට රජය තීරණය කර ඇත. 25 January 2026
ශ්‍රි ලංකාවට ගොඩයන ක්‍රමය අරවින්ද් පෙන්වයි ශ්‍රී ලංකාව කෙදිනකවත් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට මුල්වූ කරුණු අමතක නොකළ යුතු බවත් එමගින් ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇතිවීම වළක්වා ගතහැකි බවත් ප්රමුඛ ඉන්දීය ආර්ථික විද්‍යාඥ අරවින්ද් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය. 25 January 2026
සුදුසුකම් නැති ශිෂ්‍යාවක් වෛද්‍ය පීඨයට ඇතුළත් වෙලා යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතු සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර ඇතුළත්වූ ශිෂ්‍යාවක ඉවත් කළ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි. 25 January 2026
මහනුවර නියෝජ්‍ය පුරපතිට පිංකම් ගෙදරකදී පිරිසක් ගහලා මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටිය (ජාතික ජන බලවේගය) මහතාට සුදුහුම්පොල ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදී ඇති බව මහනුවර පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 January 2026
කොල්ලුපිටියේ විද්‍යාලයක ගේට්ටුවට වෙඩි ප්‍රහාර 15ක් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද (25) කොල්ලුපිටිය ආර් ඒ ද මෙල් මාවතේ සංගීත විද්‍යාලයක් පිහිටි ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුවට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය සඳහන් කරයි. 25 January 2026
ලංකාවේ පළමු ජාත්‍යන්තර අක්ෂි සත්කාර සමුළුව ඇරැඹේ ප්‍රතිකාර මගින් වලක්වාගත හැකි අක්ෂි රෝග වලින් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින අතර සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට රජය කැපවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 25 January 2026
රට නගන අරමුදලට ප්‍රොපර්ටි පීඑල්සී කෝටියක් දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුදලට RIL ප්‍රොපර්ටි පීඑල්සී ආයතනයෙන් රුපියල් කෝටියක මූල්‍යමය පරිත්‍යාගයක් කළේය. 25 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026