සූර්ය පැනල භාවිත කරන්නන්ට විදුලි මණ්ඩලයෙන් දැනුම්දීමක් අද පස්වරු 3 දක්වා තම සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියා විරහිත කරන ලෙස විදුලිබල මණ්ඩලය සූර්ය පැනල භාවිතා කරන්නන්ගෙන් ඉල්ලීමක් කරයි. 30 November 2025
ගංවතුර නිවේදන ගැන හොඳ අවධානයෙන් ඉන්න ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. 30 November 2025
රෑ දොළහේ විවාදයට මන්ත්‍රී විරෝධයක් පාර්ලිමේන්තු අයවැය විවාද හෙට අනිද්දා රාත්‍රී දොළහ වන තුරු පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සහ සේවකයෝ දැඩි විරෝධය පළ කරති. 30 November 2025
මාවිල්ආරු අමුණ තැන් කිහිපයකින් කැඩෙයි මාවිල්ආරු අමුණා අද (30) පෙරවරුවේ ස්ථාන කිහිපයකින් කැඩී ගොස් තිබේ. 30 November 2025
එළවළු මිල අහසට වෙළඳපොලේ එළවළු වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යෑමෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 30 November 2025
’’දිට්වා ’’සුළි කුණාටුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 174,255 කට බලපෑම් නොවැම්බර් 26 වෙනිදින සිට දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 40740 ක පුද්ගලයින් 174255 ක් බලපෑමට ලක්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න මහතා පැවසීය 30 November 2025
කැඩුණු මාර්ග පාලම් බලන්න එන්න එපා ආපදා තත්ත්වයෙන් විනාශ වූ මාර්ග සහ පාලම් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස, පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 30 November 2025
කළු ගඟ අවට ජනතාවට වාරිමාර්ගයෙන් රතු එළියක් කළු ගඟ අවට පහත් බිම් වලට සැලකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි 30 November 2025
අද දුම්රිය ගමන් මෙහෙමයි දුම්රිය කිහිපයක් අද (30) දිනයේ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 30 November 2025
කොටුගොඩ විදුලි ග්‍රිඩ් උපපොළ වසයි ගංවතුර තත්වය හේතුවෙන් කොටුගොඩ විදුලි බල පද්ධතියේ ග්‍රිඩ් උපපොළ (Grid Substation) සම්පූර්ණයෙන් වසා දමා ඇත. 30 November 2025
අඹතලේ උතුරයි; ජනතාව ආරක්ෂිත තැන්වලට අඹතලේ බැම්ම පිටාර ගැලීමට පටන් ගෙන ඇතැයි වාර්තාවේ. 30 November 2025
‘වික්ටෝරියා වේල්ලේ අවදානමක් නෑ‘ වික්ටෝරියා වේල්ලේ කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවත් වික්ටෝරියා විදුලි බරාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජී.ඩී.අයි. ශාන්ත මහතා පවසයි. 30 November 2025
ඉන්ධන බවුසර හැටන් පාරේ හිරවෙයි කොළොන්නාවේ සිට හැටන් කොටගල ඛණිජ තෙල් නීති ගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථ ඉන්ධන ගොඩබැමෙන් පසු එම බවුසර් රථ දින ගණනක් තිස්සේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ගාල් කර තිබෙන අයුරු අද (30) දකින්නට ලැබිණි. 30 November 2025
විපතට පත්වුවන් මුදා ගැනිමට ධිවර අමාත්‍යංශයෙන් බෝට්ටු ගංවතුර ආපදා තත්ත්වය හමුවේ, සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කරන ලෙස අදාළ අංශ වලට දැනුම් දුන් බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. 30 November 2025
සුන්බුන් ගොඩක් වූ මනම්පිටිය නගරය පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගග පිටාර ගැලීමෙන් අඩි හයක් පමණ ජල කඳකින් යට වූ මනම්පිටිය නගරයේ ගංවතුර 30 වෙනිදා උදෑසන විට සම්පූර්ණයෙන්ම බැසගොස් ඇති අතර, ඇති වූ ගංවතුර හේතුවෙන් මනම්පිටිය නගරයේ වෙළඳසැල් සහ නිවාස රැසක් කැඩී විනාශ වී තිබේ. 30 November 2025
කොළඹ පැති තවමත් යටවෙලා දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන්, කැලණි ගඟේ ජල මට්ටම නොසිතූ ආකාරයට ඉහළ යෑමත් සමග, හංවැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ සහ වෙළඳ සැල්ද’’ අවට ගම්මාන රැසක්ද අද වන විටත් ජලයෙන් යටවී ගොස් තිබුණි. 30 November 2025
හැම ජීවිතයකටම වටිනාකමක් දෙමින් මුදා ගැනීම් කරනවා විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සියලු පාර්ශව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමෙන් වඩා ප්‍රයෝජනවත් සහ ඵලදායී ලෙස එම ප්රතිලාභ ජනතාව අතට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. 30 November 2025
ගංවතුර මැද චෛත්‍යයේ කොතේ එල්ලී සිටි නායක හිමි 27 දින රාත්‍රිය වන විට ගංවතුර ඇතිවන බව දැනගත්තා .නමුත් මීට පෙර අවස්ථා කිහිපයකම තියෙන අත් දැකීම් අනුව මම හිතුන වෙනද වගේම සාමන්‍ය ගංවතුර තත්වයක් ඇති වෙයි කලා හිතුවේ යැයි කලාඔය සිරිවිජයබෝරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ,උතුර උතුරු මැද දෙපලාතේ උපප්‍රධාන සංඝනායක රන්දොඹේ පියනන්ද හිමියෝ පැවැසූහ. 30 November 2025
ගුවන්තොටුපොළ මගීන්ට පණිවිඩයක් රට පුරා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලවී ඇති හෙයින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස උපදෙස් දෙන බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම දැනුම් දෙයි. 30 November 2025
ජනපති - ලංකා වාණිජ මණ්ඩලය කැඳවයි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 November 2025
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් පත් කරයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කර තිබේ. 30 November 2025
මගින් 70ක් සමග කලාඔයේ පාලම මත නැවතුණු බසය පුත්තලම අනුරාධපුර මාර්ගයේ කලාඔය පාලමට නුදුරින් විජයබෝධිරාජාරාම විහාරය ඉදිරිපිටදී මගීන් 70ක් පමණ සමග ඉකුත් 28 දින අලුයම ගංවතුරේ සිරවුණු බස් රථය පෙරලී ගොස් විහාරස්ථානය භූමිය තුල නැවතී තිබුණේය. 30 November 2025
රේන්දපොළ දරුණු නාය යාමක් වැලිමඩ රේන්දපොල ඊයේ 29 රාත්‍රී බිහිසුණු නායාමක් සිදුවී ඇති බවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කඩිනම් මෙහෙයුමකින් ආර්ජන්ටිනා හා මෙත්සිකානු විදේශීය සංචාරක කාන්තාවන් තිදෙනකු ඇතුළු තවත් දහයකට අධික පිරිසක් මුදවා ගනු ලැබූ බවත් බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය . 30 November 2025
පුත්තලමේ පාලම් දෙකක් කැඩේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ තබ්බෝව 9 කණුව අසල පාලම අධික ජල පහරට අසුව ගසාන ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 29 November 2025
මහනුවරට දුරකතන විදුලිය සක්‍රියයි රටටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දින 03 ක් පුරා මහනුවරට විසන්ධි වී තිබූ විදුලි බලය සහ දුරකථන ඇතුළු සන්නිවේදන පහසුකම් මේ වන විට සක්‍රිය වී තිබේ. 29 November 2025
අවතැන් අයගේ වියළි ආහාර දීමනාව වැඩි කරයි හදිසි ආපදා තත්ත්වයක දී විපතට පත්වන ජනතාවට හා ආපදා අවදානම් හේතුවෙන් පදිංචි වාසස්ථාන වලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම, හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ දැනුම් දීමක් කර තිබේ. 29 November 2025
පැට්රල් ෂෙඩ් ගොඩකුත් වතුරේ:ගමනාගමනයට බාධා දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා මතුව ඇතැයි වාර්තාවේ 29 November 2025
රටින් එවන සහන බඩු ඉක්මනින් නිදහස් කරන්න ක්‍රමයක් විපතට පත් ජනතාව වෙනුවෙන් විදෙස් රටවල්, රජයයන්, සංවිධාන සහ පුද්ගලයන් ලෙස එවන මුල්‍යාධාර සහ ද්‍රව්‍යමය ආධාර පහසුවෙන් සහ ඉක්මණින් නිෂ්කාශනය කිරීමේ කඩිනම් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද(29) පැවැත්විණි. 29 November 2025
පේරේ සිරවූ සිසුන්ට දළදා මාලිගාවෙන් ආහාර නාය යෑම් ජල ගැලීම් හේතූවෙන් අවතැන් වූ මහනුවර ජනතාවට සහ ගංවතුරට කොටුවී සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු පිරිසට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අනුග්‍රහය යටතේ පිසූ ආහාර ලබාදීමේ සමාජ සත්කාරයක් ආරම්භ කර තිබේ. 29 November 2025
‘‘දිට්වා‘‘ 191 අතුරුදහන් කරයි ගං වතුර නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය නිසා මරණ 153ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාව 191කි. 29 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026