විදුලි වෘත්තිය සමිති 24 ක් වර්ජනයකට සැරසෙයි විදුලිබල මණඩලය අහෝසි කිරීමට පෙර ඉටුකළ යුතු දේවල් නොකර අහෝසි කිරීමේ ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කළ හොත් ගැසට් පත්‍රය අවලංගු කරන තෙක් එම මණ්ඩලයේ සියලුම සේවකයන් වැඩ වර්ජනයකට අවතීරණ වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති එකමුතුව පැවසීය. 21 January 2026
මැතිසබයේත් තෛපොංගල් සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීම පොදු මනුෂ්‍යත්වය සහ ජාතියක් ලෙස එකමුතුකමේ බලය පිළිබිඹු කරන බව කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේ පැවති තෛයිපොන්ගල් සැමරුමේදී පැවසීය. 21 January 2026
අයිස් සමග ඇල්ලූ සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ හැට එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු ජනවාරි මස 26 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් එම්.ඒ.ඩි.එස්. සංජය ශ්‍රී විභූෂණ මහතා අද පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර දුන්නේය. 21 January 2026
ලෝක කුසලානය ජනපතිට පෙන්වයි 2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 21 January 2026
පාලකයන් බුදු දහමට ප්‍රමුඛතාව දිය යුතුමයි රටේ පාලකයන් බුදු දහමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය. 21 January 2026
පොලිසියට අල්ලස් දෙන්න ගිහින් මාංචු වැටේ ලියාපදිංචි නොකළ අධි බලැති යතුරු පැදියක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම වළක්වා ගැනීම සඳහා බෙම්මුල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද අත්අඩංගුවට ගනු ලැබීය. 21 January 2026
ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුම නවතී ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර පසුගිය ජූලි මාසයේදී එළැඹි වෙළෙඳ ගිවිසුම අත් හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණයක් ගෙන ඇතැයි පැවැසෙයි. 21 January 2026
ජපාන හිටපු අගමැති අබේ ඝාතකයා දිවි ඇති තෙක් හිරේ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ඝාතනයට චෝදනා එල්ල වී සිටි 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි එම චෝදනාවට වරදකරු බව තීන්දු කළ එරට අධිකරණය වරදකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පසුගියදා නියම කළේය. 21 January 2026
සුජීවට චමින්දට කතානායකගෙන් අවවාද අතුරු ප්‍රශ්න ඇසීමට කාලය ඉල්ලා දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සුජීව සේනසිංහ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී අද (21) අවවාද කළේය. 21 January 2026
විශ්ව විද්‍යාල ආචාර්යවරු ජනපති හමුවෙති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 21 January 2026
සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වේ. 21 January 2026
සොරිවිල වැවේ පිටවාන අසල ගිනි අවියක් දිඹුලාගල සොරිවිල වැවේ පිටවාන අසල සඟවා තිබු ටී 56 ගිනි අවියක් අද(21) දහවල් සොයාගැනීමට හැකිවූ බව මනම්පිටිය පොලිසිය කියයි. 21 January 2026
බඹරු ඇන 05ක් රෝහලේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, බ්‍රවුන්ලෝ කොටසේ දෛනික සේවා කටයුතුවල නිරතව සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21 ) හදිසියේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් 05 දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කරනු ලැබූහ. 21 January 2026
“අස්වැසුම” ලැයිස්තුව මැතිසබයට මේ රජය බලයට පත්වූ පසු අස්වැසුම සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේ අයදුම්පත් ලක්ෂ අටක් ඉදිරිපත්වූ බවත් ඒ අතුරින් දෙලක්ෂ අසූහත් දහසක් දෙවැනි වටයෙන් සුදුසුකම් ලබා ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය 21 January 2026
අතුරුදන් ගණකාධිකාරිවරයෙකු සොයා කළු ගගේ මෙහෙයුම් ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගගට පැන ඇති බවට ඇති සැකයක් මත කිමිදුම් කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීන් කළුගගේ මෙහෙයුමක් සිදුකරමින් සිටී. 21 January 2026
ආණ්ඩුව පන්ති පහ පාස්- හය වසර ෆේල් ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගන්වන්න උත්සාහ කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 21 January 2026
ආණ්ඩුවේ සහන වැඩ මන්දගාමීයි දිට්වා සුළි කුණාටුවේ හානි සඳහා සහන ලබාදීම,උන් හිටි තැන් ලබාදීම ආදී සහන සියල්ල සිදුවන්නේ මන්දගාමී ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 January 2026
ආණ්ඩුව හොරාගේ අම්මගෙන් පේන අහනවා ආණ්ඩුව හොරාගේ අම්මගෙන් පේන අහන ජාතියේ තේරීම් කාරක සභාවක් පත් කිරීමට යන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 January 2026
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි සංචාරක එංගලන්ත ක්‍රිකට් පිලට එරෙහිව හෙට (22) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩකයන් 17 කින් යුත් සංචිතයක් නම් කර තිබේ. 21 January 2026
මත් සැකකරුවෝ 805 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 805 ක් ඊයේ (20) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 21 January 2026
ඉඩමක් වංචනිකව විකිණියැයි හිටපු විධායක නිලධාරියා අත්අඩංගුවට රජයට අයත් අක්කර 05 ක ඉඩමක් වංචා සහගත ලෙස මූල්‍ය සමාගමට මිලියන 100 ක මුදලකට විකුණූ නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්වරියක් සහ වතු සමාගමක හිටපු විධායක නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සඳහන් කරයි. 21 January 2026
ධීවරයන්ට ඉහළ ප්රතිලාභ විශ්‍රාම වැටුපක් ඉහල විශ්‍රාම වැටුප් ප්රතිලාභ සහිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවරයින් උදෙසා හදුන්වාදී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන ලක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරංචි මහතා පැවසීය. 21 January 2026
මුදල් වංචාවකට හෙද නිලධාරිනිය අත්අඩංගුවට කාන්තාවක රවටා රුපියල් දහ අට ලක්ෂ පනස් පනස් පන් දහසක මුදලක් ගිණුමකට බැර කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙද නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 21 January 2026
හරිනි ලෝක ආර්ථික සමුළුව සමඟ සාකච්ඡා ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. 21 January 2026
ඉන්දීය සාගර වෙරලබඩ සන්ධානයක් හැදෙයි ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2026
ඔබේසේකර පුරයට අලුත් ගෙවල් 300ක් රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2026
කෝටි 185ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි විදේශ රටක සැගවී සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි වරුණ සහ කුඩු සිද්ධික් නැමැත්තන්ගේ ගෝලයකු රුපියල් කෝටි 185 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 ක් සහ ග්‍රෑම් 838 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීී නිට්ටඹුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 21 January 2026
රුසියාවටත් යුක්රේනයටත් ඇරැයුම් ගැටුම් නවත්වා ගාසා තීරය සාමකාමී තැනක් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත්වී සකස් කළ සාම මණ්ඩලයට, රුසියාවට මෙන්ම යුක්රේනයට ද ඇරැයුම් කර ඇත. 21 January 2026
ට්‍රම්ප් ජාත්‍යන්තර මට්ටමේ චණ්ඩියෙක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක සාමයට බාධාවන ආකාරයට, රිසි පරිදි කටයුතු කරන බවත්, ඔහු ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත් කරන ජාත්‍යන්තර චණ්ඩියෙක් බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එඩ් ඩෙවී පවසයි. 21 January 2026
ට්‍රම්ප්ගේ තර්ජනවලට බය නෑ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන තර්ජනවලට බියක් නොදක්වන බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වැන්ඩර් ලින් පවසයි. 21 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026