
(අංජුල මහික වීරරත්න)
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් මහතා කොළඹදී හමුවී සාකච්ඡා කළහ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසූයේ ඕනෑම ප්රජාතන්ත්රවාදී රටක නීතියක්, පනතක් ගෙනෙන විට විශාල සංවාදයක් ඇතිවිය යුතු නමුත් ලංකාවේ එවැනි දෙයක් සිදුවී නැති බවයි.
නීතිඥ සංගමය, විශ්වවිද්‍යාල, සිවිල් සංවිධාන කියන සියල්ලක්ම මේ සංවාදය සඳහා එකතු කර ගෙන ඔවුන්ගේ මතමතවාදයන් ගැඹුරින් සැලකිල්ලට භාජනය කිරීමෙන් පසුව අවසාන තීරණය ගත යුතු බවද ජී.එල් පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා, සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නිර්මාතෘ නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග යන මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මුන්ට ලැජ්ජා නැද්ද, රටේ ප්‍රශ්න අරගෙන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ළඟට යන්න, දේශපාලන හිඟන්නු.
බ්‍රිතාන්‍ය කොමසාරිස් දන්නව තමුන් හම්බවෙන්න ආව ගොබාලන්ගෙ පැටිගිරිය, හම්බවෙන්න ඕන කිව්වම වරෙල්ල කියන්න ඇති
විපක්ෂය කවදත් වැඩ කලේ බටහිරට අවැසි විදිහට
ආන්ඩුව මොකුත් සෙල්ලන් දාන්නෙ නැහැ… නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා…ඒක තමයි ජනතාවට ඕනෑ වුනේ… අපිට ඒ ඇති. ඔයාලා ඔයාගේ වැඩක් බලාගන්න හොදේ. අපිට මේ ආන්ඩුව කල්පෙකට ඇති...
දූෂිතවාදී හොර නඩය කොහොමටත්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කරනවාට විරුද්ධයි. දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ ජිල්පප්පා කටයුතු කරපු විදිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..
මහකොමසාරිස්තුමාටත් දුක හිතෙයි මහැදුරෙකුට සහ නීතිය කට්ටන් රෑනකට ගිය කල දැකල....
ඔවුන් එක්සත් ජනපද තානාපති කාර්යාලයටත් පැමිණිලි කළ යුතුයි. මොන තරම් විහිළුවක්ද! මුළු ලෝකයම ශ්‍රී ලංකාව ගැන දන්නවා. රජය කරන්නේ නිවැරදි දේයි.
එල්ලෙන්න වැලේ වැල් නැතුව. බලන්න ඉන්න කට්ටියගේ වයස. කවද්ද දරුවෝ, තරුණ පරම්පරාව ගැන හිතන්නේ?