
(පද්මා කුමාරී කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර)
කල්පිටිය කුරක්කන් හේන ධීවර තොටුපළින් කල්පිටි කළපුවට බලා යාත්‍රා කළ වල්ලමක් පෙරලීමෙන් එහි ගමන් ගත් දරුවන් දෙදෙනකු කළපුවට වැටී මිය ගොස් ඇති අතර,ඔවුන්ගේ මව සහ පියා දිවි ගලවාගෙන ඇති අතර, ඔවුන් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ,කල්පිටිය,කුරක්කන් හේන,තැඹිලි වත්ත පදිංචි වයස අවුරුදු හතක් වන අමෝද්‍ය සත්සර සහ ඔහුගේ වයස අවුරුදු 13 ක් වන අමල්ශා දේවින්දි ය.
අමෝද්‍ය කුරක්කන්හේන ප්‍රාථමික විදුහලේ තුන් වසරේ ඉගෙනුම ලබන අතර,අමල්ශා කුරුඥම්පිටිය මහ විදුහලේ අට වසරේ ඉගෙනුම ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd