තලවතුගොඩ අවහන් හලේ ගින්නට අසු වූ තිදෙනෙක් මරුට තලවතුගොඩ මංසන්දිය ආසන්නයේ අවන්හලක අද (09) දින උදෑසන හදිසියේ ඇති වු ගින්නකට මැදි වී බරපතල පිළිස්සුම් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කල පුද්ගලයන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි. 09 June 2026
කජූ අහුලන්න ගිය පිරිසකට වෙඩි: අයෙක් මරුට වනාතවිල්ලුව කල්අඩිය ප්‍රදේශයේ රජයේ ඉඩමක කජූ ඇහිලීමට අනවසරයෙන් ඇතුළු වු පිරිසකට ඉඩමේ මුරකරුවන් කල වෙඩි තැබිමකින් එක් අයකු මරණයට පත්ව ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි. 09 June 2026
තලවතුගොඩ ගින්නකට අසු වූ පහක් බේරා ගැනෙති තලවතුගොඩ මංසන්දිය ආසන්නයේ අවන්හලක අද (09) දින උදෑසන හදිසියේ ඇති වු ගින්නකට මැදි වී පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුලත් කළ බව තලංගම පොලිසිය පවසයි. 09 June 2026
සමූපකාර බැංකුවල උකස් ව්‍යාපාරය යළි ඇරඹේ! සමූපකාර බැංකුවල උකස් ව්‍යාපාර කටයුතු නැවතත් ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 June 2026
සරණ හිරගෙට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඔහුට එරෙහිව ගොනු කළ නඩු හතරට එක් නඩුවකට වසර හතර බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියම කළේය. 09 June 2026
කදානේ දුම්රිය අනතුරින් දෙදෙනෙක් මරුට කදාන දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වු බව කදාන පොලීසිය පවසයි. 09 June 2026
කොළඹ මහල් නිවාස විසි හතම අපායන් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 June 2026
චීන ජනපතිට උණුසුම් පිළිගැනීමක් දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ (8) උතුරු කොරියාවට පැමිණියේය. 09 June 2026
මැතිසබේ අද වැඩ මෙහෙමයි පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අද පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. 09 June 2026
බොසාගේ සල්ලිවලට විද්ද සේවකයා මාට්ටු මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු කතරගම වන්දනාවේ ගිය අතරතුර දී නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ට වැඩි මුදලක් සොරා ගත් එම ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සේවය කල පුද්ගලයකු සොරා ගත් මුදලින් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් සමග අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 09 June 2026
ප්‍රා.ලේ. ගේ පුටුවල මඩ ගෑවේ කවුද? බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලු වූ කිසියම් පිරිසක් ප්‍රාදේශීය ලේකම් වරයාගේත්, සහකාර ප්‍රාදේශීය ලේකම් වරයාගෙත් ආසනවලට මඩ ගසා තිබු බවත් පොලිසිය කියයි. 09 June 2026
අද වහින තැන් මෙන්න බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 June 2026
හැකර්ල ගත්ත මුදල් ගැන මැතිසබා මුදල් කමිටුව මහ බැංකුවෙන් වාර්තාව ඉල්ලයි ඕස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද වාර්තාවක් කැඳවීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද තීරණය කළේය 08 June 2026
කොළඹ දෙදිනක පොසොන් කලාපයක් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් පොසොන් කලාපයක් පැවැත්වීමට තීරණය කර තිබේ. 08 June 2026
දක්ෂිණ අධිවේගියේ බස් රථ අනතුරින් 10ක් රෝහලට දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පිවිසුම් දොරේ ආරක්ෂිත ගේට්ටුවක්ද කඩාගෙන අසල තිබු කණුවක ගැටිමෙන් අද සවස අනතුරක් සිදුව ඇත. 08 June 2026
ඉතියෝපියාවේදී පැහැර ගත් ලාංකිකයන් බේරාගනියි මෙරට සිට ඩුබායි රාජ්ය්යට ගොස් ඉතියෝපියාව හරහා කැනඩාව බලා ගමන් කිරීමට යාමේදී ඉතියෝපියාවේදී පැහැරගැනීමකට ලක්වුණු ලාංකිකයන් බේරාගෙන ඇති බව පොලිසිය පවසයි. 08 June 2026
මැතිසබා කතා පරිවර්තක සංගමයට අලුත් මුහුණු පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරිණ 08 June 2026
වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹේ වසරතට වැඩි කාලයක් නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී අද (8) පෙරවරුවේ ආරම්භ කළේය. 08 June 2026
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තව 237ක් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණිය සඳහා 237 දෙනකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 08 June 2026
පොලිසියටත් නොකියා වළ දැමු සිරුර පසු දින ගොඩගනී කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේ පොදු සුසාන භූමියක ඊයේ(7)වළ දැමූ පුද්ගලයකුගේ මළ සිරුර අද(8)බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩුතන්තී මහතා ඉදිරියේ ගොඩගත්තේය. 08 June 2026
විනිසුරු වයස දිගු කිරිමට විරෝධය පා ජනපතිට ලිපියක් යෝජිත ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාවනාධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා සිය සංගමය විරෝධය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය සඳහන් කර ඇත. 08 June 2026
ළමා ආරක්ෂක අධිකාරිය පාර්ලිමේන්තුවට කැඳවයි අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් අපයෝජනයට ලක් වීමේ සිදුවීමට අදාල නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේදී රැස් විය 08 June 2026
කල්පිටියේ ස්ථානාධිපතිට හැර සියලුම නිලධාරීන්ට මාරුවීම් කල්පිටිය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා හැර සියලුම නිළධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයේ අනෙක් පොලිස්ථාන වෙත මාරුකර යැවිමට පොලිස්පතිවරයාගේ නියෝග මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. 08 June 2026
පාසල් සිසුවිය අපයෝජනය කළැයි ශ්‍රීලනිප ආසන සංවිධායක කපුවා රිමාන්ඩ් ශාන්ති කර්මයක් කර දෙන මුවාවෙන් පාසල් ශිෂ්‍යයාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක හා වත්මන් අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු 10 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය. 08 June 2026
ඩෙංගු මර්දන ජාතික වැඩසටහන ඇරැඹෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින මදුරු මර්දන ජාතික වැඩසටහන අද (8) ආරම්භ විය. 08 June 2026
බණ්ඩාරවෙල ප්‍රා.ලේ කාර්යාලයට හොරු පනී බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (8) අලුයම වහලයෙන් බැස ඇතුළු වී ඇති සොරෙකු කාර්යාලයයේ ලිපිගොනු සියල්ල අවුස්සා දමා එහි ආපනශාලාට ගොස් කෝපි සාදාගෙන පානය කර යෝගට් කා පලාගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 08 June 2026
ඩොලරය අද 336යි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින ප්‍රකාශයට පත් කරන ලද නවතම විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ නිල දර්ශක අනුපාතිකය රුපියල් 336.39 ක් ලෙස සටහන් වී ඇත. 08 June 2026
ආණ්ඩුව පාස්කු ෆයිල් යට ගහපු නිලධාරීන් රකිනවා ආණ්ඩුව පාස්කු ෆයිල් යට ගැසූ නිලධාරීන් ආරක්ෂා කරන අතර බුද්ධි අංශ නිලධාරින් සිරගත කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 08 June 2026
කළුතර ඝාතනයට තවත් අයෙක් සැකපිට කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී ඉකුත් 28 වැනිදා ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැලිපැන්න වලගෙදර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත . 08 June 2026
සලේගේ සෞඛ්‍ය හොයන්න වෛද්‍ය මණ්ඩලයක් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෛද්‍ය කණ්ඩායමක සුපරීක්ෂාව යටතේ පසුවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 08 June 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026