
ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආහාර සැපයුම් ට්‍රක් රියක නැගී, හමුදා ගුවන් යානයකට ගොඩවී බ්‍රිතාන්‍යය දක්වා රහසේ ගමන් කළ පුවතක් වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනාවරණය කරයි.
මෙය සිදුවී ඇත්තේ පසුගිය මාසයේ ට්‍රම්ප්, තුර්කියේ පැවැති නේටෝ මහ සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය.
දෙදින සමුළුව අවසන් වී, ට්‍රම්ප් ඔහුගේ එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයට ගොඩවිය. මෙය සිදුවූයේ මාධ්‍යවේදීන්ගේ ඇස් පනා පිටය.
කෙසේ නමුත්, ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, ජනපති ආරක්ෂක අංශය වන සීක්රට් සර්විස් නිලධාරීන්ගේ උපදෙස් මත ට්‍රම්ප්, එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළේ ආහාර සැපයුම් සිදු කරන කුඩා ට්‍රක් රියකට ගොඩ වී, සැගවී, හමුදා ගුවන් යානය නවතා තිබූ ස්ථානයට ගිය බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනාවරණය කරයි.
ඉන්පසු හමුදා ගුවන් යානයෙන් ට්‍රම්ප් බ්‍රිතාන්‍යය බලා ගිය අතර, ට්‍රම්ප් රැගෙන යන බව පෙන්වමින් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය ගුවන්ගත වී ඇත. අනතුරු ඇගවීම් සිදුවුවත්, කිසිවකු එයාර් ෆෝස් 1 බලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් හිටියා විරුවෙක් කියා ගත්තු කෙනෙක් අන්තිමට පස්සේ දොරෙන් පැනලා ගියා.
ඕවා IRGC හෙවත් ඉරාන විප්ලවවාදී තුවක්කු ත්‍රස්තවාදී කල්ලිය එලි දමන ප්රචාරක කටයුතු බව පැහැදිලිවම පෙනෙනවා. උන් යුද්ධය පරාජය හමුවේ පසුබසින විට, මෙවැනි පුවත්, cartoon වැනි තුට්ටු දෙකේ ප්‍රචාර internet හො ප්‍රධාන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා සංසරණය කරවීමේ සහජ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. ජනාධිපති ට්‍රම්ප් යනු " යකාට බය නම් සොහොනේ ගෙවල් හදන " වර්ගයේ බියසුළු පුද්ගලයෙක් නොවන බව ලොක බලවතුන් පවා සහසුද්දෙන් දැනගෙන හමාරය.. මෙවැනි කථා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ප්‍රකාශයට පත්කරනේ, ඉරානයේ කළු මොට්ටක්කිලි මොල්ලා පාලනය යටතේ බැට කමින් සිටින සාමන්‍ය ජනතාව ගේ moral එක නැංවීම සඳහාය...