රටම එකට මෙහෙයුමේදී ’’කුඩ්ඩෝ’’ හැත්තෑපන්දාහක් කොටු “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඉකුත් ඔක්තෝබර් 30 සිට මෙම ජනවාරි 20 දක්වා කළ වැටලීම් වලදී විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව වැටලීම් 76,162 ක් සිදු කර සැකකරුවන් 75,477 දෙනකු අත්අඩංගවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාස පවසයි. 22 January 2026
අර්ජුනට - ධම්මිකට අධි චෝදනා ජනාධිපති උපදෙස් ද නොතකා ඉන්ධන මිලදී ගැනීම අත්තනෝමතිකව සිදුකරමින් රටට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කළේ යැයි කියන හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (22)පැවසීය. 22 January 2026
අක්ෂි රෝහලේ වර්ජනයෙන් රෝගින් අපහසුතාවට කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර සේවා වලින් ඉවත්ව අද(22) දිනයේ ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගින් දැඩි අපහසුතාවයට පත්වූහ. 22 January 2026
භාරත ගී තරුව ටිල්වින් හමුවෙයි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් (Anuradha Paudwal) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ සිදු විය. 22 January 2026
බැකෝ සහ එක්ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ ලොකු හිඟයක් මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය තුළ බැකෝ සහ එක්ස්කැවේටර් වැනි යන්ත්‍රෝපකරණ ක්රියාකරවන්නන්ගේ විශාල හිඟයක් තිබෙන බවත් ආරම්භ කර ඇති ව්‍යාපෘති බොහොමයක් නියමිත වේලාවට අවසන් කර ගැනීමට නොහැකි වීමටද පුහුණු ශ්‍රමිකයන් හිඟය බලපා තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඉහළ නිලධාරියෙක් අප පුවත්පතට පසුගියදා ප්‍රකාශ කළේය. 22 January 2026
පරන්තන් රසායනික කම්හලට වසර 40කට පසු පණ ලැබෙයි උතුරු පළාතේ යුදමය වාර්තාවරණය නිසා 1985දී වසාදැමූ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවට වසර 40කට පසුව නැවත පරන්තන් රසායනික කර්මාන්ත කලාපයේදී මුල්ගල් තැබීය. 22 January 2026
ශ්‍රී ලංකා මුද්‍රණකරුවන් හා වවුනියාව මුද්‍රණකරුවන් උපාය මාර්ගික සංසදයක් පිහිටුවයි ජාතික හා පළාත් මුද්‍රණකරුවන් අතර ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩ නැගීමේ අරමුණින් ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සහ වවුනියාව දිස්ත්‍රික් මුද්‍රණකරුවන් අතර උපාය මාර්ගික සංසදයක් පසුගිය 18 වැනිදා පැවැත්විණ. 22 January 2026
රමේෂ් පතිරණට පොහොට්ටුවේ තනතුරු දෙකක් ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්විය. 22 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පොහොට්ටුවත් කැමතියි පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩිව අවශ්‍යයි යන මතයේ සිටින බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 22 January 2026
කෘත්‍රිම බුද්ධි ප්‍රතිපත්ති හදන්න කැනඩා සහාය ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) ප්‍රතිපත්ති සහ පාලන රාමුව ශක්තිමත් කිරීම මෙන්ම ඒ ආශ්රිත ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 22 January 2026
වන අලියාගේ පහරින් නැන්දම්මා මරුට :ලේලිය රෝහලට අනුරාධපුර - විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ පහරදීමකින් මවක් ජීවිතක්ෂයට පත්ව ඇගේ ලේලිය බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ඇලයාපත්තුව පොලිසිය පවසයි. 22 January 2026
ජ.වි.පෙ කකුලෙන් නොඇද්දානම් අද ලංකාව ද:කොරියාවට එහා ජනතා විමුක්ති පෙරමුණ එදා අධ්‍යාපනයේ ධවල පත්‍රිකාවට විරුද්ධ නොවුනා නම් අද ලංකාව තිබෙන්නේ දකුණු කොරියාවටත් එහා තැනක බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 January 2026
මහ මෝදර රෝහලත් බන්ධනාගාරයට බන්ධනාගාරවල ඉඩකඩ හිඟයට විසඳුම් ලෙස අලුත් ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කරගෙන යන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කීය. 22 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවේ ආවට ගියාට නොවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවේ ආවාට ගියාට නොව සමාජයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය:-(ජා.ජ.බ) 22 January 2026
නුවරඑළියට අධික සීතලක් නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා අද (22) පහත බැස පැවති බව නුවරඑළිය දිස්ත්‍රික් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 22 January 2026
ක්ෂුද්‍ර මූල්‍ය කෙටුම්පත විවාදය කල්යයි ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීම පසුවට කල් දමා ඇත. 22 January 2026
අධ්‍යාපනයේ දරුවන්ට අයිති පංගුව දිය යුතුයි අධ්‍යාපනයට වෙන් කරන පිරිවැයෙන් ළමයින්ට අයිති පංගුව ඔවුන්ට ලැබෙනවාද කියන ප්‍රශ්නයක් තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 January 2026
ගවයින් රැගෙන යමින් සිටි දෙදරු පියා තුවක්කුවට බිලි කලවැල්පොතාන රජයේ රක්ෂිතයට සිය ගවයන් රැගෙන යමින් සිටි පනස් හැවිරිදි දෙදරු පියෙකු දඩයක්කරුවෙකු වන සතුන් ඝාතනය කිරිමට අටවා තිබු බදින කදන් තුවක්කුවක් පත්තු විමෙන් මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි. 22 January 2026
කොළඹ කොටස් හුවමාරුවෙන් රට නගන්න මිලියන 25ක් රට ගොඩනගන අරමුදලට කොළඹ කොටස් හුවමාරුව( COLOMBO STOCK EXCHANGE) (GL 12) රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.රට ගොඩනගන අරමුදලට කොළඹ කොටස් හුවමාරුව( COLOMBO STOCK EXCHANGE) (GL 12) රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය. 22 January 2026
කාන්තාවන්ට විශ්වාසයෙන් නායකත්වය දෙන පරිවර්තනයක් ඕනෑ කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. 22 January 2026
’’පැන්ෂන්’’ කපන පනතට විරෝධය පා පෙත්සම් හතරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති තවත් පෙත්සමක් පිටපතක් තමාට ලැබී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 22 January 2026
නවසීලන්තයේ නාය යාමකින් පිරිසක් අතුරුදහන් නවසීලන්තයේ සංචාරක තෝතැන්නක් වන මවුන්ට් මවුන්ට්ගනුයි හි කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදහන් ව ඇතැයි විදෙස් මධ්‍ය වාර්තා කරයි. 22 January 2026
‘දිට්වා‘ යටකළ වාහන ගොඩගන්න සහාය ඉල්ලයි දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය රේන්දපොළ ජනපදයේ පස්වලට යට වී ඇති වාහන කිහිපයක් ගොඩ ගැනීමට සහයෝගය දක්වන ලෙස එම වාහන හිමියන් වග කියයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටියි. 22 January 2026
ඉන්දියානු ජනරජ දිනයට නාමල් ඇතුලු පිරිසක් ඔඩිසා යති ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට ඉන්දියාවේ ආරාධනය පරිදි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්වීමට නියමිතය. 22 January 2026
බූස්සේ සිර මැදිරියකින් ජංගමදුරකතන හමුවෙයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්න රමේෂ් නමැත්තා රඳවා සිටින A කොටසේ අංක 20 සිර මැදිරියේ තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ඇතුළු දුරකථන උපාංග කීපයක් පෙරේදා (21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 22 January 2026
වරාය දොඹකර ගන්න පස්වරක් ටෙන්ඩර් කැඳවලා වරාය සේවකයන්, වෘත්තිය සමිති, ආගමික නායකයන් සහ බහුජන සංවිධාන සිවිල් අරගලයක් කර ජාතියට රැකදුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රධානම උපකරණය වන ‘ස්ට්රැඩල් කැරියර්ස් Straddle Carriers මිලදීගැනීමට ටෙන්ඩර් 5 ක් කැඳවා 4 ක් අවලංගු කර ඇති බවත් පස්වැනි ටෙන්ඩරය ද අවලංගු නොකර වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් ක්රිියාවලියක් සඳහා ප්‍රමිතියෙන් යුත් ‘ස්ට්රැඩල් කැරියර්ස්’ මිලදීගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් වරාය මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමය ජනාධිපති අ 22 January 2026
මධ්‍යම කඳුකරයට යළි පණ දෙන්න ලෝක සහය මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 22 January 2026
අද වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 22 January 2026
ප්‍රංශ ජනපතිගේ අව් කණ්ණාඩි විහිළුවක් වෙලා 2026 ලෝක ආර්ථික සංසදය, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන අතර රටවල් 130 කට වැඩි ගණනක රාජ්‍ය නායකයෝ ඊට එක්ව සිටිති. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ අතරේ වෙති. 22 January 2026
‘‘මා මරන්න උත්සහා කළොත් ඉරානය අතුගා දමනවා‘‘ ඉරානය තමන් ඝාතනය කිරීමට කිරීමට උත්සාහ කළහොත් ඇමෙරිකාව ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනු ඇති බවත් තමන් ඒ සඳහා උපදෙස් ලබාදී තිබෙන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවුස් නේෂන් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පසුගියදා ප්‍රකාශ කළේය. 21 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026