‘‘දිට්වා‘‘ දිවයිනෙන් බැහැරට මෙරට කැළඹූ දිට්වා සුළි කුනාටුව දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. 29 November 2025
සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියාවෙන් තවත් ආධාර ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය ආධාර තවදුරටත් ඉහළ නංවා තිබෙන බවත් තවත් සහාය පැමිණෙමින් තිබෙන බවත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද(29) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 29 November 2025
පොලිස් කොස්තාපල් බඳවා ගැනීමේ පරීක්ෂණ කල් දමයි පොලිස් කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 29 November 2025
හෙට දහම් පාසල් නෑ හෙට (30) දහම් පාසල් නොපවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයා දැනුම්දී ඇත 29 November 2025
බිළීන්දන් දෙදෙනකු හෙලිකොප්ටරයෙන් කොළඹට ජලගැලීම් හේතුවෙන් සේවා අඩපණ වී ඇති හලාවත මූලික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටි දින 28 ක් හා දින 35 වයසැති බිළිඳු දරුවන් දෙදෙනෙක් සහ බරපතල තුවාල ලබා සිටි වයස අවුරුදු 10 ක දැරියක් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් මගින් කොළඹට රැගෙන එනු ලැබිණි. 29 November 2025
හැටන් පාරවල පස් කඳු ඉවත්කරයි හැටන් සහ නුවරඑලියට පිවිසීමට ඇති සියලුම මාර්ගවලට ස්ථාන කිහිපයකින්ම කඩා වැටී ඇති විශෘල පස් කදු ඉවත් කිරිමේ කටයුතු කඩිනම් කර ඇති බව හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා පැවසිය. 29 November 2025
මහනුවර - මහියංගන මාර්ගයට පස් කඳු කඩා වැටේ මහනුවර මහියංගන ප්‍රධාන මහා මාර්ගයේ 34 සහ 35 ,කිලෝමීටර් කණු ආසන්නයේ මාර්ගයට විශාල පස් කඳු කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත. 29 November 2025
කතුන්- ළමයින් ගැන කියන්න දුරකථන අංක දෙකක් ආපදාවට පත් දරුවන් සහ කාන්තාවන් පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ගාස්තු රහිත දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ. 29 November 2025
ගංවතුර අස්සේ ෆේස්බුක් සාදයක් වටලයි කෝට්ටේ නව ජයවීර මාවත ප්‍රදේශයේ පැවැත් වූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 30 සහ කාන්තාවන් 2 කු අද (29) සවස වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ . 29 November 2025
අතුරුගිරිය හුවමාරුව ජලයෙන් යටවෙයි අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් අතුරුගිරිය මාලඹේ මාර්ගය ජලයෙන් යටවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි 29 November 2025
කිඹුලන්ගෙන් ප්‍රවේසම් වන්න රට පුරා ගංගා ආශ්රිත ප්‍රදේශවලට කිඹුලන් පැමිණිය හැකි හෙයින් හෙයින් කල්පනාකාරීව සිටින ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 29 November 2025
කච්චිමඩුව ජලාශයේ වාන කඩාගෙන යයි ආණමඩුව කොට්ටුකච්චිය කච්චිඩුව ජලාශයේ වාන කැඩියාමත් සමඟ මෙවර මහ කන්නයේ වගා කර තිබු අක්කර 1000 කට වැඩි වි ගොවිතැන විනාශ වෙමින් ඇති බව ගොවි සංවිධාන පවසයි. 29 November 2025
ජනතාවට පිහිට වෙන්න ඩ්‍රෝනා යානාත් එයි විපතට පත් ජනතාවට ආහාර බෙදා දීමට ඩ්‍රෝනා යානා යොදවා ඇති බව යුද හමුදාව පවසයි. 29 November 2025
බස්නාහිර හමුදා භටයෝ 7989ක් සීරුවෙන් බස්නාහිර පළාතේ ඇතිවිය හැකියැයි පැවසෙන ආපදා තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු වෙනුවෙන් හමුදා භට පිරිස් 7989ක ප්‍රමාණයක් සූදානම් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවසීය. 29 November 2025
ආපදාව ගැන දින දෙකක මැතිසබා විවාදයක් රටේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය 29 November 2025
කැබ් ගන්න වෙන් කළ සල්ලි ආපදාවට දෙන්න අලුතින් කැබ් රථ 1775ක් ගන්න අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 12500 ක මුදල ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න යොදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 29 November 2025
රට පුරා මාර්ග 206ක් ’’බ්ලොක්’’ ගංවතුර සහ ගස් කඩා වැටීම හේතුවෙන් රට පුරා මාර්ග 206ක අවහිරතා මතුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 29 November 2025
සජිත් අවතැන් වූවන් බලන්න යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගං වතුරෙන් අවතැන්න කඩුවෙල ප්‍රදේශයේ සුරක්ෂිතා මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාව හමුවී ඔවුන්ගේ සුව දුක් විමසීම අද (29) දින දැක ගත හැකි විය. 29 November 2025
දිස්ත්‍රික්ක 11ක නාය රතු නිවේදනය දික් කරයි දිස්ත්‍රික්ක එකොළහකට නිකුත් කර ඇති නාය යෑම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත 29 November 2025
ජාඇල පාලමේ පිපුරුමක්: මං තීරුවක් වසයි කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇල පාලමේ ස්ථාන කිහිපයකින් පිපුරුම් සලකුණු මතුවීම හේතුවෙන් ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 29 November 2025
අසත්‍ය පුවතක් ගැන අල්ලසෙන් නිවේදනයක් අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා මහජනතාව ආපදාවන්ට පත්ව ඇති අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා කළ බවට සඳහන් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවත් මෙවැනි කිසිදු ප්‍රකාශයක් තමා කර නොමැති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිවේදනය කරයි. 29 November 2025
’’දිට්වා’’ ගොළු කළ ’’හලෝ’’ හදන්න මෙහෙයුමක් දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ රජය සහ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගම් අතර සාකච්ඡාවක් අද (29) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්විණි. 29 November 2025
ඉදිරි පැය තිස් හයේ කාලගුණේ හැසිරෙන හැටි පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 November 2025
මුදා ගැනීමේ මෙහෙයුම්වලට ධීවර බෝට්ටු ගංවතුර ආපදාවෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු යොමු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. 29 November 2025
මාකඳුරේ වැඩි හිටි නිවාසයක 11ක් මිය ගිහින් පන්නල මාකදුර වෙල්කම් ගම්මානය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනකු ජලයට අසුව මියගොස් ඇතැයි ආරංචි මාර්ග කියයි. 29 November 2025
දැදුරු ඔය අනතුරු ඇඟවීම පැය 48ක් දික් කරයි දැදුරු ඔය ද්‍රෝණියේ පහත් බිම්වලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 29 November 2025
අලවතුගොඩ බිහිසුණු නායයාමක් පිරිසක් අතුරුදන්? අලවතුගොඩ පොලිස් වසමේ රඹුකේ ඇළ ප්‍රදේශයෙ ගම්මානයක් නාය යෑමට ලක්වී ඇති බව අලවතුගොඩ පොලීසිය පවසයි. 29 November 2025
කළුතර මෝය කට සුද්ද කරයි ගංවතුර බැස යාම යාමට පහසු වන පරිදි කළුතර මෝය කට අද (29) සුද්ද කෙරිණි. 29 November 2025
දුක බෙදා ගන්න හරිනි කඩුවෙලට යයි ගංවතුරින් නවතැන් වූ ජනතාවගේ සුව දුක් විමසා සහන සැලසීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉහළ බෝමිරිය කනිටු විදුහලේ ආපදා සහන කඳවුරට ගියේය. 29 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026