
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන නැවත සේවයට වාර්තා නොකළ සරසවි ආචාර්යවරුන් ලෝකයේ කුමන රටක සිටියද එම රටවල සිට ඔවුන් මෙරට සිසුන්ගේ ඉගැන්වීම් මෙන්ම පර්යේෂණ කටයුතුවලට අන්තර්ජාලය ඔස්සේ දායක කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) අවධානය යොමුවී ඇත.
මේ අතර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කළ අයගෙන් මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය අැදුරන්ගෙන් 2025 වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 20කට වැඩි මුදලක් අයකර ගෙන ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ.
එසේම, මෙම ගැටලුව තනි විශ්වවිද්‍යාල මට්ටමින් විසඳිය නොහැකි බැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මැදිහත්ව සෑම රජයේ විශ්වවිද්‍යාලයකටම අදාළ වන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන, මූල්‍ය සහ ඩිජිටල් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳවද එම විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳවද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු කෙරිණ.
ඒ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (05) රැස් වූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd