වැලිගම සිද්ධියට අධිකරණයට බාරවූ සි.සී.ඩී නිලධාරීන්ට ඇප වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා සම්බන්ධයෙන් මෝසමක් මගින් අධිකරණට බාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හය දෙනා එක් අයකුරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 21 March 2025
ප්‍රවාහන අමාත්‍යංශය කඩිනමින් ඩිජිටල් වෙයි ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අතිශය සෘජුවම බලපාන විෂයයන් හතරකට අදාල ප්‍රබල ආයනයන් රැසක් ක්‍රියාත්මක වන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශය පවසයි. 21 March 2025
වැල්ලම්පිටියේ මරණයට කුලී රියැදුරා අත්අඩංගුවට අධික ලෙස මත් වී කුලී ත්‍රිරෝද රථයකින් ආ දෙදෙනකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී බැසයාමෙන් අනතුරුව එක් පුද්ගලයකු මාර්ගයේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසි පවසයි. 21 March 2025
පියුමි හංසමාලි ගැන අලුත් පාරකින් විමර්ශන කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපැයු වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (21)පැවසීය. 21 March 2025
ජනපති පාර්ලිමේන්තුවට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 21 March 2025
පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැඳගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) පැවසීය. 21 March 2025
පොසොන් උත්සවය මිහින්තලයේ අනුබුදු දහමින් ලොවම නිවේවා’ තේමාව යටතේ 2025 වර්ෂයේ පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලයේදී පැවැත්වීමට තීරණය කල බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි 21 March 2025
’’හෙට උදේ ඉඳන් අපේම වැඩසටහනක්’’ අයවැය සම්මත වීමෙන් පසු අපේම වෙච්ච වැඩසටහන හෙට උදේ සිට පටන් ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
උද්ධමනය ඉහළ යයි ජාතික පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය සියයට - 3.9 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 21 March 2025
සිංහබාහු පෙන්නන්න ඇවිත් අන්දරේලා පෙන්නනවා සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පහු බැස ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
ගුවන් අනතුර ගැන සොයන්න කමිටුවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුරේ අංක 5 ප්‍රහාරක බලඝණයට අයත් කේ -8 වර්ගයේ යානයක් අද (21) පෙරවරුවේ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සාමාජිකයන් හත්දෙනකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කළ බව ගුවන් හමුදාව පැවසීය. 21 March 2025
’’සජබත් අයවැයට විරුද්ධයි’’ සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
පොහොට්ටුව අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය තබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
පොල් වගාකරුවන්ට පොහොර දෙන්න ගිවිසුම්ගත වෙයි පොල් වගාකරුවන්ට සහන මිලට ඒඑම්පී පොල් පොහොර දීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමට රාජ්‍ය පොහොර සමාගමේ දි අත්සන් කළේය 21 March 2025
හීත්රෝ ගුවන්තොට පැය 24 කට වැසෙයි ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති විදුලි උප පොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් අද(21) රාත්‍රී 12 වන තෙක් පැය 24 ක කාලයක් සඳහා එම ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ. 21 March 2025
ඕන්නං පඩි වැඩි නොකර ඉන්නත් තිබුණා ඕන්නම් ආණ්ඩුවකට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි නොකර ඉන්නත් යම් දීමනාවක් දීලා ඉන්නත් පුළුවන්කම තිබූ නමුත් මූලික වැටුපම වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
විපක්ෂය අන්තිමයි අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වූ බව පත් කළ මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 21 March 2025
ඩිජිටල්කරණයෙන් සියලුම ගණුදෙනු විගණනය කළ හැකියි ශ්‍රී ලංකා ආර්ථිකය මුදල්වලට වියදම් කරන ප්‍රමාණය සියයට 1.5 ක් වුවත් ඩිජිටල්කරණ හරහා සියලු ගෙවීම් කරන තත්වයට දියුණු කළ හොත් මුදල්වලට කරන විදයම අඩු කරගතහැකි බවත් එම ඩිජිටල්කරණය ඔස්සේම සියලුම ගණුදෙනුවල විගණනයක් කිරීමේ හැකියාව ද ලැබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසීය. 21 March 2025
පාර්ලිමේන්තුව විනෝදජනක තැනක් වෙලා පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් සමඟ විනෝදජනක බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ පැමිණීම ඉතාමත් දුර්වල බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා අද (21) පැවසීය. 21 March 2025
’’ මම අයවැයට විරුද්ධ නෑ’’ තමා විපක්ෂයේ මන්ත්‍රීවරයකු වුවත් අයවැයට විරුද්ධ නැතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේද පැවසීය. 21 March 2025
ඉන්දීය සාගරයේ සාමය රකිනවාට ලංකාවට ඇගැයීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) පැවැත්විණි. 21 March 2025
මුසාවාදා ශික්ෂා පදය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න වෙලා ආණ්ඩුවේ උදවිය දවස ගානේ ඇවිත් කියන බොරු නිසා පාර්ලිමේන්තුවෙන් මුසාවාදා වේරමණී ශික්ෂා පදය ඉවත් කරන්නට සිදුවී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
වැලිගම හෝටල් සිද්ධියේ අනෙක් හය දෙනාත් බාරවේ වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ අනෙක නිලධාරීහු 6 දෙනා මාතර අධිකරණයට මෝසකම් මගින් අද පෙරවුරුවේ ඉදිපත් වූහ. 21 March 2025
දේශබන්දු ඉන්න තැන දන්නවා යැයි මා කිව්වේ නැහැ දේශබන්දු හෝ සෙව්වන්ද ඉන්න තැන දන්නවා යැයි තමා කීවේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
අනුරාධපුරේ අනතුරින් හිමිනම අපවත් වෙයි මරදන්කඩවල, අනුරාධපුර මාර්ගයේ දයාගම හන්දිය ආසන්නයේදි හිමිනමක් ඇතුළු පිරිසක් ගමන් ගත් වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටි ඊයේ (20) සිදු අනතුරකින් 67 හැවිරිදි හිමිනම අපවත්වි කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව මරදන්කඩවල පොලිසිය කියයි. 21 March 2025
තොරතුරු කොමිසමේ පුරප්පාඩුවකට අයැදුම්පත් කැඳවයි 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි. 21 March 2025
“ක්ලීන් ශ්‍රී ලංකා”අමාත්‍යාංශ වලට වැඩ දෙයි “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාලව ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේ දෙවන මහලේදී පැවැත්විණි. 21 March 2025
වැලි ලොරිය ඇළේ මාතලේ සිට මහනුවර බලා ගමන් කළ වැලි ලොරියක් මාතලේ බලකඩුව කුඹියන්ගොඩ පාලම අසළදි අද (21) පාන්දර 5.30ට පමණ ඇළට පෙරැළී අනතුරක් සිදුව ඇති බව පොලිසිය කියයි. 21 March 2025
පුත්තලමේ නාම යෝජනා 14 ක් ප්‍රතික්ෂේප වෙයි මෙවර පළාත් පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නාම යෝජනා භාර දුන් පක්ෂ 14ක් අදාල කොන්දේසි නිසි ලෙස ඉටු නොකිරිම හේතුවෙන් ප්‍රතික්ෂේප වු බව පුත්තලම දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී එච්.එම්.එස්.පි.හේරත් මහතා පැවසිය. 21 March 2025
නාගලන්වීදියේ වෙඩිතැබීමට අනුබල දුන්නැයි කතක් අල්ලයි තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව කියන සැකකාරියක් අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි. 21 March 2025
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026