විද්‍යුත් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදූ කාන්තාවක් අත්අඩංගුවට ඩුබාහි හි සැඟවඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ’’පොඩි තිළිණ’’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ඊසි කෑෂ් ක්‍රමයට බෙදා හැරීමේ ජාලය මෙහෙයවූ බව කියන 33 හැවිරිදි කාන්තාවක් හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 29 January 2025
තියුණු ආයුධ පහරින් අයෙක් මරුට මාදම්පේ පැරණි නගරය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට සහ පුද්ගලයෙකුට එම කාන්තාවගේ සැමියා විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ (28) මියගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි. 29 January 2025
සාමාන්‍ය පෙළ විභාග කාල සටහන නිකුත් වේ 2024(2025) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. 29 January 2025
රතු රස දිය ඇතැයි පවසා සිලින්ඩරයක් විකුණන්න ගිහින් මාට්ටු රුපියල් කෝටි 900 ක් පමණ වටිනා බව පවසමින් රුපියල් ලක්ෂ 200 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ රතු රසදිය අඩංගු බවට සදහන් සිලින්ඩරයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 29 January 2025
අද කාලගුණය දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 January 2025
ශ්‍රීලනිපයයි -සර්ව ජනයයි රනිල්ගේ පොහොට්ටුවයි පුංචි ජන්දයේදී එකම පිලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. 29 January 2025
නිල්වලා ගඟෙන් සිංහරාජයට යන්න පාරක් නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිල්වලා ගගේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. 28 January 2025
පෝල්රාජ් - ජූලි චං හමුවෙති ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී අද (28) පැවැත්විණි. 28 January 2025
අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 January 2025
චීන මාධ්‍ය සමූහය වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයෙන් මෙවර චීන අලුත් අවුරුදු උත්සවය ’’නයාගේ වසරේ’’ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අංග සහ මැජික් සංදර්ශන සමගින් අද (28) පැවැත්විණි. 28 January 2025
විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති අගමැතිනිය හමුවෙයි විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය. 28 January 2025
ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න අමතක වෙලා ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ජනතා ප්‍රශ්න මඟ හැරීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා සතිපතා තෝරා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසිය. 28 January 2025
ඊශ්‍රායලයේ කෘෂි රැකියා වලට ගිය රොත්තක් පැනලා පසුගිය රජය කාලයේ කෘෂි අංශයේ රැකියාව සඳහා ඊශ්‍රායලයට ගිය පිරිසෙන් සියයට අසූවක් පමණ සේවා ස්ථාන වලින් පැන ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පැවසීය. 28 January 2025
3000 අල්ලසක් ගත් පී.සී රිමාන්ඩ් රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය. 28 January 2025
මෛත්‍රීගේ රට් පෙත්සම පෙබරවාරි 6 විභාගයට පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කළ සිතාසිය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් හමුවේ පෙබරවාරි 06 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (28) දින නියම කළේය. 28 January 2025
ගිනි අවිය පත්තු වීම ගැන ඉන්දියන් රජයේ දැඩි විරෝධය ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් නව දිල්ලියේ වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ගෙන්වා ඉන්දීය රජය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 28 January 2025
ඉන්දියන් ධීවරයන් අල්ලදී නාවික සෙබළාගේ ගිනි අවිය පත්තු වෙලා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට යාමේදී ධීවරයකු විසින් නාවික හමුදා ගිනි අවියක් උදුරාගැනීමට යාමේදී ගිනි අවිය පත්තුවී ධීවරයන් දෙදෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි. 28 January 2025
අනුර-හරිනි-සජිත් එක මේසෙට රෝගී ජනතාවට වැඩි ප්රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි විය. 28 January 2025
සහල් උපරිම මිල ඉවත්කරන්න ආණ්ඩුව ආනයනික සහල් කිලෝවකට රුපිල් 65 ක බද්දක් අයකිරීම නිසා සහල්වලට පනවා ඇති උපරිම මිල ඉවත්කරන තෙක් සහල් ගැටලුවට විසඳුමක් නොලැබෙන බව පිටකොටුව සහල් තොග ව්‍යාපාරිකයෝ අද පස්වරුවේ පැවසූහ. 28 January 2025
එළොව පොල් පෙනෙන කොටුවේ පොල් මිල සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220 ක පිටකොටුව ප්‍රදේශයේ අද (28) පස්වරුවේ පැවතුණි. කුඩාම ප්‍රමාණයේ පොල් ගොඩියක් රුපියල් 180 සිට 210 ක මිලක පැවැති අතර ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 250 ත් 270 ත් අතර මිලක පැවතුණි. 28 January 2025
හත් කෝටියක් සාපරාධීව පරිහරණය කළැයි නාමල්ට නඩු ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් කෝටි 07ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය ලෙස පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරුවේය. 28 January 2025
කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද ඉවත් වීමට තිරණය කළේය. 28 January 2025
වගා හානි වන්දිය බ්‍රහස්පතින්දා ගෙවයි නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම බ්‍රහස්පතින්දා(30) සිට අරඹන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි. 28 January 2025
අ’පූරේ දී සූර් වූ ප්‍රංශ ජාතිකයා යාපනයෙන් හමුවෙයි අනුරාධපුර,කුබිච්චන්කුලම වැව අසල මත්පැන් පානය කරමින් සිටියදී අතුරුදන් වු 35 හැවිරිදි ප්‍රංශ ජාතිකයා යාපනය දුම්රිය ස්ථානය අසලදී අද (28) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 28 January 2025
ලංකා- විදෙස් විශ්ව විද්‍යාල අතර ගිවිසුම් දහයක් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
අදානිගෙන් අඩුවට විදුලිය ගන්න සාකච්ඡා අරඹයි අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඩොලර් ශත හයකට විදුලිය මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 January 2025
ආනයනය කළ ලුණු පාරිභෝජනයට නොව කර්මාන්තකරුවන් සදහා ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගය කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත කර්මාන්තකරුවන් සදහා බෙදාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 28 January 2025
වී සහතික මිල නියම කරන වෙලාව කියයි වී සඳහා රජය සහතික මිලක් නියම කරන්නේ වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වන අවස්ථාවේදී බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 January 2025
මාධ්‍යයේ මිණි පහනක් නිවෙයි කීර්තිමත් මාධ්‍යවේදියකු මාධ්‍ය උපදේශකවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. 28 January 2025
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට අප්‍රේල් මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 January 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026