කොළොන්නාවේ පාසල් වලට එන කුඩ්ඩන් මට්ටු කරන්න පොලිසිය මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකදී අනාවරණය විය. 27 January 2025
වාහන ගෙන්වන ගැසට්ටුව එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය. 27 January 2025
කටුනායක ගුවන්තොටුපළට ඇතුල්වීමේ කවුන්ටර 20ක් මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සීඝ්රයෙන් වැඩි වෙමින් පැවතීම පිළිබඳව අවදානය යොමුකර ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කරමින් කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර 20 ක් එකතු කිරීමට තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍යය පවසයි. 27 January 2025
නව ගුවන් හමුදාපති වාසු බන්දු එදිරිසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. 27 January 2025
UK ඉන්දු-පැසිෆික් අමාත්‍යවරිය විපක්ෂ නායක හමුවෙයි එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ දී සිදුවිය. 27 January 2025
රාත්‍රී සංගීත සංදර්ශන ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවදානය රාත්‍රී පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 January 2025
මේ වසරේ ඩොලර් බිලියන 18.2ක අපනයන ආදායමක් රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 27 January 2025
ඇල්ලට නව දුම්රිය දෙකක් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා දුම්රිය ගමනට ඇති ඉහළ ඉල්ලුම් පිළිබඳව අවදානය යොමුකර පෙරවාරි මස සිට නව දුම්රිය දෙකක් ආරම්භ කිරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (27) පැවසීය. 27 January 2025
හොර හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුම් වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. 27 January 2025
වී සහතික මිල ඉක්මණින් ඉල්ලයි වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මණින් වී සඳහා සාධාරණ මිලක් ඉදිරිපත් කළ යුතු බවත් ගොවි සංවිධාන පවසයි. 27 January 2025
ඉලූක්පිටියගේ පෙත්සම හෙට දක්වා කල් තබයි හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා රිමන්ඩ් බාරයට පත් කළ විනිසුරු මඩුල්ල හමුවටම ඔහුගේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම හෙට (28) දක්වා කල් තැබිණී. 27 January 2025
UK ඉන්දු - ශාන්තිකර අමාත්‍යවරිය දිවයිනට ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් අද (27) සහ හෙට (28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූවාය. 27 January 2025
නිදහස් දින පෙරහුරුවට පාර වහන හැටි 77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු රාජකාරී දිනයන්හිදී රථවාහන සැලැස්ම ගැන කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 27 January 2025
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනකදී පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කථානායකවරයා වෙත යොමු කරන බව අද (27) දැනුම් දුන්නේය. 27 January 2025
පළමු ලුණු තොගය දිවයිනට ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 27 January 2025
විදුහල්පතිට ඉවත්වන්නැයි විරෝධතාවක් කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාල ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඉවත් වන්නැයි පවසමින් ජාතික පාසල සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද (27) දින උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි. 27 January 2025
පාර්ලිමේන්තු සේවකයින්ගේ හිලව් දීමනා දෙවැනි වරටත් ඉවතට පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. 27 January 2025
වතු ජනතාවට මහල් නිවාස ක්‍රමයක් වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 27 January 2025
බෝට්ටුවක් ඔරුවෙහි වැදී ධීවරයෙක් අතුරුදන් ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ සිටි ධීවරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තුව පොලිසිය පවසයි. 27 January 2025
සමෘද්ධි නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් පරිපාටියක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම වසරේ මුල් මාස හතර තුල පැවැත්වීමට කටයුතු කරන බවත් ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සදහන් කළේය. 27 January 2025
ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 January 2025
කඹයකින් ගෙල සිර කර සුනඛයා මැරූ කත අත්අඩංගුවට සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර මරණයට පත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාංකුලම් චෛත්‍ය කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක කාන්තාවකි. 27 January 2025
සිරුරට ගිනි ඇවිලි අයෙක් මරුට කොස්ලන්ද පොලිස් වසමට අයත් පූනාගල පාර . කෝවිල අසල නිවසක සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි. 27 January 2025
යෝෂිතට එරෙහි තවත් නඩුවක් වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ඉදිරියේදී ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද(27) පැවසීය. 27 January 2025
යෝෂිතට ඇප මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 27 January 2025
ළමුන් දරුකමට පිටරටට දීම ගැන විශේෂ ගැසට්ටුවක් ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 27 January 2025
අලි 20 ක් කොමඩු වගාව විනාශ කරලා ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුණ 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි. 27 January 2025
මනෝ වෛද්‍යවරයාට පහරදුන් අයිය- මලෝ අත්අඩංගුවට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 27 January 2025
සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි. 27 January 2025
තවත් මහාචාර්ය පට්ටමක් ගැලවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (පාලන) අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත. 27 January 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026