පශ්චාත් උපාධි ලියාපදිංචිය සියයට හැත්තෑ හතරකින් පහළ බැහැලා
දිවයින පුරා පශ්චාත් උපාධි ආයතනවලට සිසුන් ලියාපදිංචිවීම පසුගිය වසර හතරක කාලයේදී සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ, ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.