IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අම්පාර හෙද විදුහලෙන් හෙද සේවයට 140ක්

(අංජුල මහික වීරරත්න)

රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙරට ජනතාව සුවපත් කරන කාර්යයේදී  හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කීය.

ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටියේ අම්පාර හෙද විදුහලේ පැවති 2020 - A සිසු හෙද කණ්ඩායම සදහා හිස්වැසුම් පැළඳවිම සහ සේවයට කැපවීමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි.

හෙද සිසු සිසුවියන් සදහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් 140 ක් සදහා මෙහිදී  හිස් වැසුම් පැළදවිම සහ සේවයට කැපවීම සිදු කෙරිණි. අම්පාර හෙද විදුහල ස්ථාපිත කිරීමෙන් පසු එහි සේවයට කැපවන 18 වන සිසු හෙද කණ්ඩායම මෙම කණ්ඩායම වේ.



අදහස් (0)

අම්පාර හෙද විදුහලෙන් හෙද සේවයට 140ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site