ඔලිම්පික් සමාප්තියට ධජ රැගෙන ගිය දෙදෙනා කටුනායකට
ප්රංශයේ පැරිස් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට , ශ්රී ලංකාව නියෝජනය කරමින් , ශ්රී ලංකා ධජ රැගෙන එහි පෙළපාලියේ ගමන් කළ ශ්රී ලංකා කණ්ඩායමේ නායක බැඩ්මින්ටන් ක්රීඩක විරේන් නෙත්තසිංහ සහ ශ්රී ලංකා කණ්ඩායමේ නායිකා , හෙල්ල විසි කිරීමේ ක්රීඩිකා දිල්හානි ලේකම්ගේ අද(13) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .