
(චන්දන හෙන්දුරුගොඩ සහ ලලිත් නවරත්තන )
අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
සැකකාර රියදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු බවයි පොලිසිය සදහන් කරන්නේ.
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ වරදට මන්නාරමේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවත්වා ඇති අතර එම බස් රථය පැදවූ රියදුරුගේ අසාමාන්‍ය හැසිරීම සහ කථා විලාශය අනුව ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට අනුමාන කළ පොලිස් නිලධාරීන් ඔහුව හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියදුරා ගංජා පානය කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීලා වගේ තමයි දැන්නම් පේන්නේ..!
ඕක සාමාන්‍ය දෙයක් වෙලා. තව අර පුවක් වගේ ජාතියක් තියෙනවා. කඩවල නවත්තලා බස් (විශේෂයෙන් AC Bus) කොන්දොස්තර මහත්මයා දුවලා ගිහින් අරන් එනවා. ඒක රියැදුරු මහත්මයාට සැරින් සැරේට කන්න පුලුවන් තැනක තියනවා. මං හිතන්නේ ඒ මාවා කියන මත්ද්‍රව්‍ය වෙන්න ඕනෑ. ඕක අනුරාධපුර නුවර නිතර වෙන එකක්. අනික් ඒවායේත් ඒක වෙනවා ඇති. ඔතැන ප්‍රශ්නය සංකීර්ණයි. එකක් අල්ලන එක නෙමෙයි. දුර ධාවනය වන අය කම්මැලිකම නිදිමත යන්න කියලා හිතාගෙන කරන්න පුරුදු වෙන දේවල්. නමුත් අනතුරක් වුනාම ඒකට විතරයි පැලැස්තර දාන්නේ. මේවා ලේ පරීක්ෂණයකින්, මුත්‍රා පරීක්ෂණයකින් ඇර ලේසියෙන් හොයන්න බැහැ. ඒ නිසා කළ යුතු වන්නේ නිරන්තර පරීක්ෂා කිරීම් සමග පරීක්ෂා කරන නිළධාරීන්ව පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මොකද, ඉස්සර පොලිසියම තමා තාමත් ඉන්නේ. ජනතාවට මේ දේවල් දැනුම් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. නිර්ණාමිකව පොලිසිය සහ පොලීසිය තුළ ප්‍රතිදූෂණ ඒකක වලට SMS හෝ අන්තර්ජාල මගින් දැනුම් දිය හැකි විදියට. ඒ අයව රකින්න ක්‍රමයක් සකසන්න.
මගීන් ගෙ පෙර පිණකට, පොලීසිය බසය පරීක්ෂා කල නිසා, සමහර විට සිදුවීමට ඉඩකඩ තිබුන භයානක අනතූරක් වලක්වා ගැනුමට පුළුවන් වුනා. මෙම රියදුරුගේ බලපත්‍රය වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර, ජීවිතාන්තය දක්වා මහජන ගමන් සෙවයක රියදුරු කෙනෙක් හැටියට, සුක්කානම අතට ගැනීමත් තහනම් කල යුතු වෙනවා....
මේක දැන් ඩ්‍රයිවර්ලාට සාමාන්‍ය දෙයක් වෙලා. බහුතරයක් දෙනා දුම්කොළ හෝ ගංජා භාවිතා කරලා ධාවනය කරනවා, විශේෂයෙන් දුර ගමන් සේවාවේ ධාවකයෝ. එහෙම බිව්වේ නැත්තම් ධාවනය කරන්න බැරිලූ, නින්ද යනවලු
ගංජා නොබී බස් රථ දැක්කුවොත්, මෙ ගොන්නුන්ට නින්ද යනවාලු ! ගංජා ගහල එලවලා මාරක අනතුරක් වුණොත්, මගීන් සදාකාලික නින්දකට, මෙම ගංජා බෙබද්දන් ගෙන යනවා නොවෙද ? මුන්ට නින්ද නොයන ජොබ් දීමට, ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ හිමියන් කඩිනමින් වගබලා ගතයුතුය....