ජනතා සම්පත් නොකා රාජ්‍ය සේවය කරමු ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. 26 September 2024
වසර 40 කට පසු චීනය මිසයිලයක් අත්හදා බලයි වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය. 26 September 2024
බිත්තර ආනයනය නවතී දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය 26 September 2024
කැබ් රිය පෙරැළි හතක් රෝහලේ කටුවන - වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දහතුනේ කණුව ආසන්නයේදී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි කටුවන පොලිසිය පවසයි . 26 September 2024
දඹුල්ලට එළවළු ගඟක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (26) අලුයම වන විට කිලෝ ලක්ෂ පනහකට අධික එළවළු තොග ලැබීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය සහ ප්‍රධාන ඒ නවය මාර්ග සියල්ල ම වාහනවලින් පිරී ඉතිරී ගියේය. 26 September 2024
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (25) එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. 26 September 2024
මැතිසභා කමිටු 80 ක් අහෝසියි පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පෙරේදා (24) අහෝසි වී ගියේය. 26 September 2024
මන්ත්‍රීලා 85ක් පැන්ෂන් නැතුව ගෙදර නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග විශ්‍රාම වැටුප අහිමිවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 26 September 2024
ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 September 2024
’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’ රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. 25 September 2024
වෑන් මාරයාට තරුණ යුවළ බිලි අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි. 25 September 2024
‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් අද (25) පැවසීය. 25 September 2024
නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන් පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය කියයි . 25 September 2024
ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන් ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ ලක්හඩ ගුවන් විදුලිය සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත වෙද මුල්ල මහතාද පත්කර තිබෙි. 25 September 2024
ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක් ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි පැමිණිලි ආකෘති පත්‍රයක් සකසා සියලු පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය. 25 September 2024
මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 25 September 2024
මහනුවරට පැය 65ක ජල කප්පාදුවක් පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනුවර අවට ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අත්හිටවනු ලබන බවද එම අධිකාරිය කියයි . 25 September 2024
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ් විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය. 25 September 2024
පළාත් නවයට අලුත් ආණ්ඩුකාරුවරු දිවුරති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් 9 සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබේ. 25 September 2024
ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අරඹා ඇත. 25 September 2024
ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් කොළඹ ගාලුමුවදොර පිටියේ මේ වන විට ගාල්කර තිබේ. 25 September 2024
‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘ මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ. 25 September 2024
නව ජනපතිට IMF සුබ පතයි ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය. 25 September 2024
පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන් කළ හැකි යැයි අධ්යක්ෂවරයා දැනුම් දුන් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පැවසීය. 25 September 2024
බිත්තරයක් 30ට බහියි පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි. 25 September 2024
ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය. 25 September 2024
ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත. 25 September 2024
දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පැවසීය. 25 September 2024
බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අතර, මේ ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින අවසන් සති කිහිපයයි. 25 September 2024
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025