IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ට්‍රම්ප්ගේ 79ට ලොකු පාට්යක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ 79 වැනි උපන්දිනය සහ ඇමෙරිකා හමුදාවේ 250 වැනි සංවත්සරය යේදී තිබෙන එළැඹෙන ජූනි 14 වැනිදා එම අවස්ථාවන් දෙක සැමරීම සඳහා පැවත්වීමට සැලැසුම් කර තිබෙන උත්සව සඳහා යන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1344 ක් පමණ) ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත අද වාර්තා කළේය.

එදිනට සංගීත සංදර්ශන, හමුදා පෙළපාලි සහ ගිනිකෙළි සංදර්ශන පැත්වීමට නියමිත බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමයෙන් එදින සියලුම උත්සව පැවැත්වෙන බවත් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පැවැසුවේය.

එළැඹෙන 14 වැනිදා සමස්ත වියදමට උත්සවවලින් පසුව මාර්ග සහ පොදු දේපළවලට වන හානිය, කුණු කසළ ඉවත්කිරීමට යන මුදල ආදිය ඇතුළත් වී නොමැති බවත් ඒවාද එකතු පසු එදින වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 45 පසුකර යනු ඇති බවත් එම පුවත්පත ප්‍රකාශ කළේය.

හමුදා පෙළපාලියක් පැවැත්වෙන අතර එම පෙළපාළියට එම්1 එබ්‍රෑම් යුද ටැංකි 24 ක් ඇතුළුව සන්නද්ධ රථ 150 ක්, දෙවැනි ලෝක යුද්ධයේ භාවිත කළ සහ නවීන ගුවන් යානා, හෙලිකොප්ටර් 50 ක් සහ හමුදා භටයන් 7500 ක් පමණ එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ 79ට ලොකු පාට්යක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site