
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුභපැතුම් එක්කර ශ්‍රී ලංකාවේ පුවත්පත්වල දැන්වීම් පළ කරමින් රජයට පාඩුවක් කළේ යැයි කියන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ජේ ඉදිරිසිංහ, හිටපු අමාත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට යන අයට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා ගොනු කළේය.
2014 වසරේ නොවැම්බර් මස හෝ ඊට ආසන්න කාල සීමාවක තුළදී ශ්‍රී ලංකාවේ පුවත්පත් එකොළහක දැන්වීම් පළ කරමින් රුපියල් 1748877.76 මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට සඳහන් කරමින් අධි චෝදනා පහක් යටතේ මෙම නඩුව පැවරීය.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස 15 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ 21 ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු නිදැල්ලෙ ගැලරිය චුන් කරමින් සිටි අපි තව අවුරුදු 4ක් බලන් ඉදිමු