යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබවූ මෙරට විශ්‍රාමික හමුදා ප්‍රධානියකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය. 26 September 2024
මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 26 September 2024
මංගලගේ ආරක්ෂකගේ නිවසින් ගිනි අවියක් හමු වෙයි දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ 12 ක් අද (26) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 26 September 2024
විපක්ෂ පොදු සන්ධාන සාකච්ඡා ධනාත්මකයි විපක්ෂයේ සියලු පක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී එක ලකුණක් යටතේ තරග කිරීම සම්බන්ධ සාකච්ඡා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද (26) පැවැත්විණි. 26 September 2024
සී.අයි , ඩබ්ලිව් එස්.අයි යට කරන්න හදලා? පානදුර උතුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිනි ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරියක සිය මෝටර් රථයේ හප්පා මරණයට පත් කිරීමට තැත් කලැයි කියන පැමිණිල්ලකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. 26 September 2024
සැප වාහන ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක් පසුගිය රජයයන් විසින් භාවිත කළ අතිසුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවා වලට පමණක් යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසීය. 26 September 2024
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන අගමැතිනියගෙන් විමර්ශනයක් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් සකසන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට පැවසීය. 26 September 2024
ගොවීන්ට - ධීවරයන්ට ජනපතිගෙන් සහනයක් ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමටට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ. 26 September 2024
‘‘වීසා සෙල්ලමෙන් සංචාරකයන් අඩු වෙලා‘‘ සැප්තැම්බර් මාසයේ අපේක්ෂා කළ තරමට සංචාරකයන්ගේ පැමිණීම සිදුව නැතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 26 September 2024
මිනුවන්ගොඩ බියුටි සැලොන් එක කඩා බලයි හිසකෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට අදාළ රූපලාවණ්‍යාගාරය පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද පරීක්ෂා කරනු ලැබීය. 26 September 2024
ලොක්කෝ ගෙවන්නැයි කී ලක්ෂ 150 අධිකරණය නවත්වයි හිටපු බලධාරීන්ගේ බලපෑම් මත නීතියට පටහැනිව ්”මග නැගුම” ආයතනය විසින් ”2 කේ.” නමැති ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ රුපියල් ලක්ෂ 150 මුදලක් නඩු විභාගය අවසන් වනතුරු නොගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ට ඊයේ (26) නියම කළේය. 26 September 2024
හිටපු මහ බැංකු අධිපතිට එරෙහි නඩුව 10 විභාගෙට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද 26 September 2024
ලොකුම ‘‘කුෂ්‘‘ තොගය ගුවන්තොටෙන් අල්ලයි කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම ’’ කුෂ් ’’ ගංජා වැටලීම සිදු කරමින් , රුපියල් හතලිස් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ගංජා තොගයක් සමග ඒවා රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් මගියා සමග අද (26) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 26 September 2024
විනිසුරුට මඩ ගැසූ තිදෙනාගේ ඇපෑල විසි වෙයි සාමාන්‍ය ඡන්ද පෝස්ටර දැන්වීමක් මෙන් නොව විනිසුරුවරයෙකුගේ රුව සහිත පෝස්ටර ඇලවීම අධිකරණයට කළ බලපෑමක් බව පැවසූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පෝස්ටරයක් ඇළවූ පෞද්ගලික බස් රථ රියැදුරු ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 10දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (26) නියෝග කළේය. 26 September 2024
ඥානසාර හිමිට එරෙහි තීන්දුව 14වැනිදා ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පැවරූ නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනි දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (26)නියෝග කළේය. 26 September 2024
කොළඹ පොත් මංගල්‍ය හෙට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී හෙට (27)පෙරවරු 9.00ට විවෘත කෙරේ. 26 September 2024
ගුවන් මගීන්ගේ බෑග්වලට විද්ද සේවකයෙක් මාට්ටු කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති භාණ්ඩ සොරා ගත් ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 September 2024
ශ්‍රී ලංකන් සේවය ඇගැයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ’’ දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ’’ ලෙස නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ( South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබේ. 26 September 2024
ඇති තරම් ඉන්ධන රටේ තියෙනවා පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද දැනුම් දුන්නේය. 26 September 2024
ගිණුම්වලින් සල්ලි අදින කල්ලියක් ගැන පැමිණිල්ලක් බැංකු ගිණුම් හිමියන් රවට ඔවුන්ගේ ගිනුම්වලින් මුදල් අදින සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් පැමිණිලි අටක් ලැබී ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 26 September 2024
දිලුම් දිලිත්ට හේත්තු වෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (26) පත්වීම් ලැබීය. 26 September 2024
මුදිත පීිරිස් ‘ලිට්රෝ’ සභාපති ධූරයෙන් යයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීිරිස් මහතා එම තනතුරෙන් ඉවත් වූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. 26 September 2024
කෘෂි සහකාර අධ්යක්ෂවරු 142ක් පත් කරයි ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනකුට සහකාර අධ්යක්ෂ තනතුරු පිරිනමා තිබේ. 26 September 2024
ලොකු ලූනු අස්වැන්න නෙලීම ඇරැඹේ 2024 යල කන්නයේ ලොකු ලූනු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි . 26 September 2024
ඇල්ලේ රක්ෂිතයන්ට ගිනි තැබූවෙක් අල්ලයි ඇල්ල කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි . 26 September 2024
පුද්ගල මළ සිරුරක් මහ පාරේ හම්බන්තොට ජාත්‍යයන්තර සම්මන්ත්රණ ශාලාව ආසන්නයේ හම්බන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගය අසල නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) හමුවී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය කියයි. 26 September 2024
2000ක අල්ලසක් ගත් පොලිසියේ දෙකක් අල්ලයි බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ට්රැක්ටරයකින් වැලි ප්‍රවාහන කළ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මඩකළපුව, අරුප්පනේ ප්‍ර දේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 September 2024
අපිරිසිදු කෑම හැදූ තැන් තුනකට මුද්‍රා :පහකට නඩු මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ස්ථාන තුනක් දින දා හතරකට මුද්‍රා තබා ස්ථාන පහකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල මුතු කුමාරණ මහතා පැවසීය. 26 September 2024
චීන පැන්ඩෝ ෆින්ලන්තයට හිරදයක් චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසීරු වී ඇති බැවිනි. 26 September 2024
බේකිරි නිෂ්පාදන මිල අඩු කරන්න බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල පුළුවන් ආකාරයෙන් අඩු කිරීමට පියවර ගන්නයි සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ . ජයවර්ධන මහතා පවසයි . 26 September 2024
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025