
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අසාධ්‍ය රෝගියකු උඩප්පුව කොත්තන්තිව් ග්‍රාමීය රෝහලට රැගෙන එද්දී එහි කාර්ය මණ්ලය නොමැති නිසා එම රෝගියා මුන්දලම රෝහලට ඇතුළ කර සුළු වේලාවකින් මිය යාමෙන් පසු කුපිත වූ ඥාතීන් ඇතුළු ගම්වාසීහු පිරිසක් කොන්තන්තිව් රෝහල වට කර විරෝධයක් දැක් වූහ.
කොත්තන්තිව් පෙරුකුවටාන පදිංචි 60 හැවිරිදි මොහොමඩ් නිසාර් නැමති අයකුට ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් පවුලේ පිරිස කඩිනමින් කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන විත් ඇත.
ඒ වන විට රෝහලේ වෛද්‍යවරයා නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය පැවැසීම අසාධ්‍ය තත්වයෙ සිටි රෝගීයා කොත්තන්තිව් රෝහලේ සිට සැතපුම් 10 ක් දුරකින් පිහිටි මුන්දලම පර්යන්ත රෝහලට රැගෙන යාමට ඥාතින් පියවරගෙන ඇත.
මුන්දලම රෝහලට ඇතුළත් කළ රෝගීයා සුළු වේලාවකින් මරණයට පත්වි ඇත.

2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙඩා මිය යද්දී ඥාතීහු රෝහල වටලති
ජිල්බු Friday, 16 May 2025 07:10 PM
සියල්ල දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවේ. අපි කලබල නොවී දේව කැමැත්තට ඉඩදෙමු...
පිටිගල මිලානෝ Friday, 16 May 2025 07:14 PM
අමුතු දොස්තර ටෙලිනාට්‍ය මතක් වෙනවා.
ana Friday, 16 May 2025 08:16 PM
ලංකාව පුරා රෝගීන්ගේ දීප ව්‍යාප්ත වර්ජනයක් අරඹමු...
කව්ද බෝයි Saturday, 17 May 2025 10:09 AM
ඉතිං දොස්තර රෝහලේ නෑ කිව්වා නම්, ඒ දොස්තරගේ ඩිස්පෙන්සරියට යන්න එපැයි...
kam Sunday, 18 May 2025 09:12 AM
සමහරු බලං ඉන්නේ අසාධාරණයෙන් දුකට පත් වී අසරණව සිටින වින්දිතයින්ව ආගම්වාදීව සමච්චලයට ලක් කරන්න. ඉතින් මෙහෙම රටකට කවර දියුණුවක්ද?