
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විෂමාවාර සහ ධූරයේ බලතල අනිසි අන්දමින් යොදාගන්නා ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුව විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව හමුවට ලබන 19 සඳුදා කැඳවා ඇත.
විමර්ශන කමිටුව ලබන 19 වැනිදා පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතය
කමිටුවේ මූලික විමර්ශන අවසන් කර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කමිටුව පාර්ලිමේන්තුවේදී ඊයේ (15) දිනයේද රැස් වී පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මම මේ පොලොස්ගෙඩියක් බදාගෙන තියෙන කරදරේ. හෑංගෙන්න ඕනෑ, පෙනී හිටින්න ඕනෑ, මළ වදයක්නේ...
බොරු ගෝනියක් කරේ බැඳගෙන එයි පාර්ලිමේන්තුවේ අත අරින්න...!