
(අංජුල මහික වීරරත්න)
2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 692 ක් සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ 5 වන කණ්ඩායමට අයත් රැකියා ලාභීන් 177 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද(16) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති ජානක අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදු කෙරිණි. එම පිරිස මැයි මස 19 හා 20 යන දිනයන්හිදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.
ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවන්නේ ඊශ්‍රායලය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් එම රැකියා ලබාගැනීම සඳහා වෙනත් පාර්ශවයන් වෙත මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන හිතන රජයවල් මෙවැනි අනාරක්ෂිත රටවල් වලට රාජ්‍යානුග්‍රහයෙන් ප්‍රවසියෝ සේවයට යවනවා තබා සංචරකයින් සඳහා යන පුරවැසියන්ටත් යන්න එපා කියලා අවවාද නිකුත් කරනවා. එකට අපේ පාලකයෝ විදේශ විනිමය ලැබෙනවා නම් ශර්නොබිල් නගරෙට හරි සේවකයෝ අරිවි.. මෙහෙම උත්සව පවත්වලා පිටත් කරත් යුඩේ වැඩි වෙලා තුවාල වුනොත් අවතැන් වුනොත් රජයෙන් කිසිම පිහිටක් නැතිබව ඔබල සිතට ගන්න.