
(අංජුල මහික වීරරත්න)
මෙරට භෝග වලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය සිදු කොට දෙමසක් පිරුණත් එහි කිසිදු සංගණන වාර්තාවක් මේ වනතෙක් පිටවී නැත.
2025 මාර්තු 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි 15ක් වන සත්ව සංගණනය පැවැත්වුණු අතර ජන සහභාගීත්ව සංගණනයක් ලෙස එය සිදු කෙරිණි.
රිලවා, වඳුරා ,දඬුලේනා සහ මොනරා යන දිවා කාලයේ සැරිසරන වන සතුන් වර්ග හතර පිළිබඳව මෙහිදී සංගණනයට ලක්විය.
අදාළ සංගණනයට පෙර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ ගම් මට්ටමින් සිටින රජයේ නිලධාරීන් වන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරීගේ අධීක්ෂණය යටතේ ජනතාවගේද සහයෙන් අදාළ සංගණනය කරන බවයි.
වන සතුන් පිළිබඳ අදාළ දත්ත පිරවීම සඳහා ජනතාවට පත්‍රිකාවක්ද බෙදා දෙනු ලැබූ අතර එම දත්ත පත්‍රිකා ගමේ රාජ්‍ය නිලධාරීන් විසින් එකතු කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට යොමු කරන බවත් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ලබා ගැනෙන දත්ත කොළඹ එක් ස්ථානයකට ලබා ගන්නා බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සංගණනයට පෙර සඳහන් කර තිබිණි.
අදාල දත්ත අනුව වැඩිපුර සතුන් ඉන්නා ප්‍රදේශ හඳුනාගෙන වන සත්ව ගැටලුව විසඳීමේදී එම දත්ත ප්‍රයෝජනයට ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාල සත්ව සංගණනය සිදුකොට මේ වනවිට මාස දෙකක් පිරෙනන නමුත් එහි දත්ත කිසිවක් හෙළි නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසූයේ "අපිත් වාර්තාව නිකුත් කරනකං තමයි බලා ඉන්නේ " යනුවෙනි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසූයේ අදාළ සංගණනය සඳහා වැය වූයේ රුපියල් ලක්ෂ විසිහතරක් පමණ මුදලක් බවයි.අදාළ වන සත්ව සංගණනයේ දී ඇතැම් තැන් වල දත්ත ලබා ගැනීමේදී දෝෂ කීපයක් වාර්තා වූ බවත් එය නිවැරදි කර ගැනීමෙන් පසුව අදාල දත්ත වාර්තාව එළිදක්වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලවා වේයා කාලා...
ළඟදීම වාර්තාව ලැබෙයි. ඉවසීම ප්‍රගුණ කිරීමට පූරුදු වෙයල්ලා...
කෝ අර වැඩේ කරපු බුරම්පි, කොළඹ ගේන්න ගොවියෝ එකතු කරනවා ඇති...
මෙවන් විහිලුකාර, මරිමෝඩ ආණ්ඩුවකට රිලවුන් පවා සමච්චල් කරන සෙයකි. මෙහි දමා ඇති රිලා පින්තූරය ඊට කදිමට ගැලපේ...!
වාර්තාව විතරක් නෙමෙයි, ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි රිලවුන්ට දූපත් හොයපු මනුවර්ණයි තුන්දෙනාම හැංගිලා. මාලිමා ආණ්ඩුව කරපු එකම වැඩේ ඔච්චරයි. ඒකත් පුස්සක්...!
අනේ මං දන්නේ නැහැ… ලාල්කාන්ත මාලිමාවේ නොවෙයි වගේ නේද…?
කෝ අර රිලව් ගණන් කරන්න දාපු ලැම්බෝගිනි…? එයාවත් රිලව් එක්කම එයා කියපු දූපතට ගිහින්දාලාද…?
කළින්ම දැනගත්තා... කයියනායකට බැහැ කියලා.
ඒ වාර්තාවත් අර පානදුරේ විදුලිය ට්‍රිප් කරපු වඳුරා හරි එයාගේ පවුලේ කෙනෙක් හරි ට්‍රිප් කරන්න ඇති. අනේ මෙහෙම ලංකාවක්! අනේ මෙහෙම ආණ්ඩුවක්...!
තඹුත්තේගම නායක හනුමාට ඉන්න කොළඹින් ගෙයක් හොයනවාලු...! මම හිතන්නේ ගම් රිලව් කොළඹ ආවාම නවත්ත ගන්න වෙන්න ඇති...!