
(විමුක්ති එස් රුද්‍රිගු)
රොල්ස් රොයිස්, කැඩිලැක් වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අවම වශයෙන් 30 ක් ශ්‍රී ලංකාව හා ඩුබායි ඔස්සේ ඉන්දියාවට ගෙන්වමින් සිදුකළ ඉන්දීය රුපියල් කෝටි 100 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 300 ක පමණ) බදු වංචාවක් සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණය කර ගැනීමටත් වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු අත් අඩංගුවට ගැනීමටත් එරට අදායම් බුද්ධි ඒකකය හැකියාව ලැබී ඇත.
රොල්ස් රොයිස්, ලෙක්සස්, හමර් ඊවී, ලින්කන් නැවිගේටර් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් මාදිලිවල අධි සුඛෝපභෝගී වාහන ශ්‍රී ලංකාව සහ ඩුබායි වෙත ගෙන්වා එය ඉන්දියාවට ගැලපෙන ආකාරයෙන් වෙනස් කර වාහනේ නියම මිලෙන් සියයට 50 ක් පමණ අඩුවෙන්, ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඉන්දියාවට ගෙන්වමින් මෙම බදු වංචාව සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව සහ ඩුබායි හරහා ඉන්දියාවට ආනයනය කර ඇත්තේ ඇමෙරිකාවෙන්, ජපානයෙන් මිලදී ගත් වාහන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් නගරයේ වසර 10 ක කාලයක සිට අධි සුඛෝපභෝගී වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යන භශාරත් ඛාන් නැමැති ඉන්දීය ව්‍යාපාරිකයෙකි. ඔහු තනිව අධි සුඛෝපභෝගී මෝටර් රථ 8 ක් වංචනිකව ගෙන්වා ඇති බවත් ඉන් සිදුවූ බදු වංචාව කෝටි 7 ක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඛාන්ගෙන් අධි සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගත් ගැනුම්කරුවන් සියල්ලම බදුවලින් බේරීම සඳහා අත්පිට මුදල් ගෙවා ඇති බවද එරට මාධ්‍ය සඳහන් කළේය.
මෙම නීති විරෝධී ආනයන කණ්ඩායම හයිද්‍රාබාද්, මුම්බායි, පූනේ, අහමදාබාද්, බැංගලෝර් සහ දිල්ලි යන නගර පුරා විහිදී තිබෙන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවෙත් වාහන වංචාවක්