IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාස්කු ප්‍රහාරයට සැක පිට සිටි 12ක් නිදහස්

(රෝෂන් තුෂාර)

පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන්ට හා ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දුන්නේ යැයි සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප නියම වී සිටි සැකකාරියන් 10 ක් හා සැකකරුවන් 2 ක් ඇතුළු 12ක් නිදහස් කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝග කළේය.

ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාසය 2020 දෙසැම්බර් මස 11 දින  අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප ලැබූ සින්ති සතුනා,රවුෆ් ෆාතිමා සාරා,ලෙබ්බෙ රිශානා,සාලිගු ජුනායි තීස්‍යා,කාසීම් මතනියා,ෆාතිමා ෂහිදා,ඉම්‍රහීම් සර්දා සහ සැකකරුවන් වන මොහොමදු ඉර්ෆාන් ,මොහොමදු ෂෆාන් මෙසේ නිදහස් කිරීමට නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ  අන්තවාදී ත්‍රස්ත  ක්‍රියාවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නීතිපතිවරයාට උදෘත යොමු කළ බවය.

ඒ අනුව පසුගිය අප්‍රේල් 9 වැනි දින නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පැමිණිල්ලේ කටයුතු අවසන් කරන බව  අධිකරණයට කරුණු ඉදිරිපත්  කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් දුරකථන ඇතුළු නඩු භාණ්ඩ යළි ලබා දෙන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ත්‍රස්ත විමර්ශන  නිලධාරීන් ජංගම දුරකථන හයක් යලි ලබාදීමට කටයුතු කරන බව අධිකරණයට දන්වා සිටියේය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් නිදහස් කරමින් සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් භාණ්ඩ බාර දෙන ලෙසට නියෝග කළේය.



අදහස් (1)

පාස්කු ප්‍රහාරයට සැක පිට සිටි 12ක් නිදහස්

fairoos Saturday, 17 May 2025 12:55 PM

ඊබ්‍රහීම් නානාගේ යාළුවෝද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site