IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


යෝෂිත - ඩේසිගේ නඩුවට දින දෙයි

(රෝෂන් තුෂාර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය ගොනුකළ පැමිණිල්ල ජුලි මස 11දින යළි කැඳවන ලෙස කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (16) දින නියම කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  පැමිණිල්ලේ යම් ඉල්ලීමක් වෙතොත් මෙම පැමිණිල්ල විභාග කරන ස්ථිර මහේස්ත්‍රාත්වරයා  හමුවේ එය ඉදිරිපත් කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.ඒ අනුව පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය. 



අදහස් (5)

යෝෂිත - ඩේසිගේ නඩුවට දින දෙයි

Nandalal DE SILVA - FRANCE Friday, 16 May 2025 07:15 PM

රාජපස්ස පවුලේ එකෙකුටවත් විරුද්ධව නඩු දැමිය නොහැකිය... කිව්වේ කවුද කියා හැම දෙනාම දන්නා දෙයක් නොවේද ? හැඩිදැඩි යෝශිතයා, නඩු දිනයට උසාවි ආවත්, වයසට ගොස් සිටින ඩේසි ආච්චි නම් උසාවි එන්නේ හතර දෙනෙකුගේ කර මතින්, කියා මගේ ආච්චි සීයාගේ කණට කොඳුරා කියනවා මට ඇහුණා. වැරැදිලාවත් එහෙම දෙයක් සිද්ධ වුනොත් එහෙම, ආච්චිගේ ගෙදර ඉස්තෝප්පුවේ කනප්පුව මත දෙවියන් තබා ගිය කෝටි ගණනක් වටිනා මැණික් ගොනියේ කථාවට හුටං තමයි! බාප්පගේ මල්වානේ මන්දිරය වගේ "යො.රා" ටත් පෙර පිං බලයෙන් මන්දිරයක් පහළ වුණාදෝ කියා සීයා හූං බානවා.. !

:       2       5

අරුණි Friday, 16 May 2025 07:47 PM

රටේ මිනිස්සුන්ට කිසිම සුගතියක් නෑ. නිකං දේශපාලන පළිගැනීම් බල බලා ඉන්නවා මිසක්. මීට වඩා වැදගත් නැද්ද? ඒ කාලේ දේශපාලන වේදිකා උඩ ඉඳන් කියපු ‍රාජපක්ෂවරු මුදල් යෙදවූ ඩුබායිහී මැරියට් හෝටලය, උගන්ඩාවට යැවූ ඇ.ඩො. බිලියන 18 ආදීය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් නඩු ගොනුකර කැඳවූවා නම්...

:       4       2

fairoos Saturday, 17 May 2025 12:56 PM

බයියෝ දැන් කෙඳිරි ගායි...

:       3       6

පිටිගල මිලානෝ Saturday, 17 May 2025 05:59 PM

ආච්චිවත් හොරකමේ යවන ටිකක්….

:       1       6

කන්ටේනර් 323ක් හොරෙන් පිටකරපු එකා Sunday, 18 May 2025 06:52 AM

අවුරුදු 98ක වයසක කෙනෙක් උසාවි දක්කන වෙලේ, නරකද මේ ලුණු හිඟ කාලේ, තඹුත්තේගම තනි සිග්නල් කනුව ළඟ තියෙන හොඳට පදම් වෙච්ච ලුණු පොල්කට්ටෙන් ලුණු ටික ටික රටටම බෙදුවා නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 664 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site