ඉන්දීය මහකොමසාරිස් අගමැතිනිය හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්ටොංෂ් ජා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (13) පැවැත්විණ. 13 December 2024
මහින්දට සමූදී.... හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනකු ඉවත්කර ඇති අතර එම පිරිස අද හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසට පැමිණ සුහද කතාබහක නිරත වූ අතර සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය. 13 December 2024
බිල් - මෙලින්ඩා සහය ලංකාවට නව රජයේ ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබා දීමට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම කැමැත්ත පළ කර තිබේ. 13 December 2024
අලුත් කතානායක පත්කිරීම ලබන 17 පාර්ලිමේන්තුව මීළඟට රැස්වන පළමු දිනයේදීම කතානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 13 December 2024
නුවරඑළියේ ඉඩම් මැනිල්ල නවතයි ඉඩම් කොමිසන් සභාව ඉකුත් වසර තුනක කාලයේ ලබාදුන් ඉඩම් පිළිබඳ වාර්තාවක් ලබා දෙන තෙක් ඉඩම් සහ මැනුම් නියෝග නොකරන්නැයි නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා නිලධාරින්ට දැනුම් දුන්නේය. 13 December 2024
පාස්පෝට් දෙන්න අල්ලස් ගත් ලිපිකරු රිමාන්ඩ් විදේශ ගමන් කළ පත්‍රයක් ලබාදීම සඳහා රුපියල් හය දහසක අල්ලසක් ගත්තේ යැයි කියන කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තැපැල් අංශයේ ලිපිකරු සුභ්‍රමණියම් සම්මුග සුන්දරම් ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය. 13 December 2024
ඇල්ල - වැල්ලවාය පාරේ ගමනා ගමනයට බාධා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 10 කනුව සහ කරදගොල්ල ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ විශාල ගසක් සමග විදුලි රැහන් කනුවක් මාර්ගය ට කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 13 December 2024
සහල් ආනයනකරුවෝ ඉදිරි ඇනවුම් අත්හිටුවති රට තුළ නිර්මාණය වී ඇති සහල් අර්බුදය නිමා කිරීමට නම් පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් පනස්දහසත්, ලක්ෂයත් අතර ප්‍රමාණයක් ආනයනය කළ යුතු බවත් ආණ්ඩුව ඒ සඳහා පහසුකම් නොදෙන්නේ නම් ඔවුන් ඉන් ඉවත්වීමේ අවදානමක් ඇති බවත් ආනයනකරුවෝ පවසති. 13 December 2024
උසාවියේදී ලෙඩ වූ රැදවියා රෝහලට ගෙන යද්දී මරුට යාපනය මහාධිකරණයේ නඩුවක් සදහා රැගෙනවිත් අධිකරණ සිරමැදිරියේ රදවා සිටි රැදවියකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත යාපනය රෝහලට රැගෙනයමින් සිටියදී ඊයේ (12) මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි. 13 December 2024
කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ තුනක් මාට්ටු කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි සංවිධානාත්මක අපරාධකුවකු වන කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ තිදෙනෙක් ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, කඩු 03 ක්, හෙරොයින් හා ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 13 December 2024
ත්‍රිවිධ හමුදා නිලධාරීහු 150 උපාධි ලබති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීහු 150 දෙනෙක්ට උපාධි ප්රදානය කරනු ලැබූහ. 13 December 2024
මීගමුව - කොළඹ පාරේ යන රියදුරන්ට දැනුම්දීමක් හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ පැහැර හේතුවෙන් හෙට (14) රාත්‍රියේ මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි. 13 December 2024
පාර්ලිමේන්තු ප්‍රධානීන් ඇමති හර්ෂණට කනගාටුව පළ කරයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් ගැන සඳහන් වීම එම තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ වරදක් බව පාර්ලිමේන්තු ප්‍රධානීන් අමාත්‍ය නානායක්කාර මහතාට කනගාටුව පළ කර ඇත. 13 December 2024
මහින්දගේ ජීවිතයට ආණ්ඩුව වගකියන්න ලොව පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් 116 ක් ඉවත්කර ඔහුගේ ආරක්ෂාව බිඳවට්ටවා ඇති බවත් එතුමාගේ ජීවිතයට යම් අවදානමක් ඇති වුවහොත් වර්තමාන රජයේ වගකිවයුතු බවත් නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා අද (13) පැවසීය. 13 December 2024
ඉමිටේෂන් මාලයක් ඉස්සූ සැරයන්ගේ වැඩ තහනම් ඉමිටේෂන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් මරදාන ප්‍රදේශයේ ඉමිටේෂන් බඩු අලෙවි කරනු ලබන ආයතනයකින් ඉමිටේෂන් මාලයක් සොරා ගත් බව කියන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි. 13 December 2024
කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ. 13 December 2024
හෙට රෑ උල්කා වරුසාවක් අලංකාරවත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. 13 December 2024
කතානායක විශ්වාසභංගය: අස්සන් ගැනීම අරඔයි ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කතානායක අශෝක සපුමල් රන්වල මහතාට එරෙහිව සමගි ජන බලවේගය බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම ඊයේ (13) ආරම්භ කළේය. 13 December 2024
ටිපරය අඩි 150ක් පහළට : රියදුරු-සහයක රෝහලේ මස්කෙළිය සිට හඟුරන්කෙත දක්වා ධාවනය වු ටිපර් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයට පෙරැලීමෙන් ටිපර් රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට අද (13) ඇතුළත් කළ බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි. 13 December 2024
‘ගෝල් මාවල්ස්‘හිමිකරු රිමාන්ඩ් මහනුවර පල්ලේකැලේහි පැවැත්වෙන ’’ලංකා T 10 සුපර් ලීග්’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ලබන16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණවෙල මහතා අද නියෝග කළේය. 13 December 2024
පිරිමි රට යාම 60% දක්වා ඉහලට 2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, මේ වන විට එම ප්‍රමාණය 300,162 ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි 13 December 2024
සිමෙන්ති ගලකින් පහරදී අයෙක් මරලා බැම්මකින් ගලැවූ බව කියන සිමෙන්ති ගලකින් පහරදි මායින්නොළුව, පීල්ලගහහේන පාර, වරකාපොළ ප්‍රදේශයේදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වරකාපොළ පොලිසිය පැවසීය. 13 December 2024
යාපනයේ පැතිරෙන්නේ මී උණට සමාන වෛරසයක් යාපනයේ පැතිර යන හඳුනානොගත් උණ වයිරසය මී උණට සමාන වෛරසයක් බව යාපනය ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂක කේ.ඒ්. කේදීස්වරන් මහතා පැවසීය. 13 December 2024
විශ්වාසය කඩන්නේ නෑ : වැරදි කළොත් දඬුවම් තම ආණ්ඩුවේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. 13 December 2024
බෝට්ටුව පෙරැළී ධීවරයා මරුට ගල්කිස්ස මුහුදු තීරයේදී ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් දෙදෙනකු සහිත බෝට්ටුවක් ඊයේ (12) රළ පහරකට හසුවී එය පෙරලීමෙන් එක් ධීවරයකු දියේ ගිලී මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය. 13 December 2024
සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වැඩමවයි ශ්‍රි පාද වන්දනාවාරය ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීමේ පෙරහෙර අද උදැසන පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජමහා විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කළහ. 13 December 2024
අකුණු සැරෙන් ගොවියා මරුට අගුණකොළපැලැස්ස මැදආර ප්‍රදේශයේ වෙල් යායක තම ගොයමට කෘමිනාශක ගසමින් සිටි ගොවියෙකු ඊයේ (12) සවස අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි . 13 December 2024
තංගල්ලේ අතුරුපාරක සැක මෝටර් රියක් තංගල්ල වීරකැටිය මාර්ගයේ පිහිටා ඇති බැදිගම මාරගස් හන්දියේ සිට තිරාවල දෙසට යන අතුරු මාර්ගයේ පාළු ඉඩමක් අසල අතහැර දමා ගොස් තිබූ සුදු පැහැති මෝටර් රථයක් ඊයේ (12) රාත්‍රි සොයාගත් බව පොලිසිය පවසයි . 13 December 2024
‘අයිස්‘ සමඟ 6ක් පොලිස් දැලේ කහතුඩුව මූනමලේ වත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග හය දෙනෙකු අද (13) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පවසයි. 13 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026