බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අතර, මේ ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින අවසන් සති කිහිපයයි. 25 September 2024
මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක් මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. 25 September 2024
ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ. 25 September 2024
විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. 25 September 2024
කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි. 25 September 2024
නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි. 25 September 2024
උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේතුවෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් නැවත නිවෙස් කරා රැගෙන යාමට අද (25) පෙරවරුවේ දෙමාපියන් කටයුතු කළහ. 25 September 2024
බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ. 25 September 2024
පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි. 25 September 2024
ආරවුල මරණයෙන් කෙළවර වෙයි ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි. 25 September 2024
අදත් වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 September 2024
ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද සහභාගී විය. 24 September 2024
පාර්ලිමේන්තුව විසුරුවයි පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය. 24 September 2024
ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නව අග්‍රාමාත්‍යවරියට සහ කැබිනට් මණ්ඩලයට සුබ පැතුම් පළ කරමින් පවසයි. 24 September 2024
අනුරට රට කරගෙන යන්න පුළුවන් අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 24 September 2024
පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 24 September 2024
කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියදී සොයා ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 24 September 2024
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක් මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතාට සුභාශිංශන පිරිනමමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. 24 September 2024
කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියයි. 24 September 2024
සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (24) පැවසීය. 24 September 2024
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක්වීමෙන් අඩාලව පැවති බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) පස්වරුවේ යලි යථා තත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 24 September 2024
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. 24 September 2024
අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ. 24 September 2024
පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ් අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරයා ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) නියෝග කළේය. 24 September 2024
ජනපති හෙට ජාතිය අමතයි ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 24 September 2024
එජාප සන්ධානයට පොහොට්ටුව නෑ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) පැවසීය. 24 September 2024
සජසයේ අගමැති අපේක්ෂක සජිත් ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ. 24 September 2024
හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය. 24 September 2024
අලුත් ජනපතිට IMF සහය මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. 24 September 2024
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025