IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට

(රංජිත් රාජපක්ෂ)                   

නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්  රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ බව  වලපනේ පොලිසිය කියයි.

ඊයේ (13) පස්වරුවේදී මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලපනේ ප්‍රධාන මාර්ගයේ මහඌව වංගුව ප්‍රදේශයේදිය.

මඩකලපුව ප්‍රදේශයේ සිට නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු මඩකලපුව දක්වා එම පිරිස රැගත් බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවී යාමෙන් පසු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම් පස කන්දක ගැටී බස් රථය නතර වී ඇත.

බස් රථය අනතුරට පත් ස්ථානය අධික බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත්,  එම ස්ථානයේ මීට පෙර බරපතල රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බවද  ප්‍රදේශවාසීහු කියති.

 



අදහස් (3)

ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට

ගුණරත්න Wednesday, 14 May 2025 11:37 AM

කරුමක්කාර රටක් වෙලානේ, දැන් මිනිස්සුන්ට බස් එකක යන්නත් බයයි, කෝකටත් බස් එකට නගින්න කලින් මගීන් වන අපටම බස් රථයේ යෝග්‍යතා පරීක්ෂණයක් කර බලන්න වෙයි...

:       7       16

බටලන්දේ ප්‍රේමලතා Wednesday, 14 May 2025 03:51 PM

රට විනාශ කරපු අය හැම තැනකම හොරකම් කරලා, හැම තැනක්ම විනාශ කරලා ගියේ. ගොඩගන්න සෑහෙන කාලයක් යයි. ඒ අල්ල පනල්ලේ මූසලකම පතුරුවන මිනිස්සුත් ඉන්නවා.

:       2       8

Bunny Preena Thursday, 15 May 2025 09:55 AM

ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල ධාවනය වන බස් රථ හා බර වාහන සඳහා අවුරුද්දකට සැරයක්වත් සම්පූර්ණ පරීක්ෂණයක් (Motor Vehicle Periodical Inspection - M.V.P.I.) වැනි පරීක්ෂණයක් භාජනය කිරීමෙන් පසු ධාවනයට සුදුසු බව සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කළ යුතුයි. එය සල්ලි මත නොව, නියම විදියටම සිදු විය යුතුය. මෙය හරහා වාහන අනතුරු අවම කිරීමෙන් අහිංසක මගීන්ගේ ජීවිත රැක ගත හැකි වනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 682 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site