(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් මාර්ගය මේ මස 17 සහ 18 දෙදින වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව එම දුම්රිය හරස් මාර්ගය මේ මස 17 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා අර්ධ වශයෙන් ද, එදින රාත්‍රී 8.00 සිට පසුදින එනම් 18 වැනිදා පෙරවරු 5.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලසීමාව තුළ ඇතිවියහැකි තදබදය මඟහරවා ගැනීම සහ සිදුවන අපහසුතාව අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම දෙපාර්තමේන්තු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි