IMG-LOGO

පෙම් යුවළ බසයට බිලි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක්  මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පොලීසිය කියයි.

අනතුර සිදුවු ස්ථානයේ දීම එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව තිබුණේ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල අලස්වත්තේ පදිංචිව සිටි වික්‍රමසිංහ ගමාච්චිගේ මිලාන් සමීර (30) නැමැති තරුණයෙකු සහ පොල්හේන කාසිවත්තපුර පදිංචිව සිටි එදිරිසිංහගේ එමල්ෂී හවිස්කා ඩයස් (23) නැමැති තරුණියකි.

මියගිය තරුණයා තෙලිජ්ජවිල සතොස ශාඛාවේ මුදල් අයකැමිවරයෙකු ලෙසද මිය ගිය තරුණිය මාතර නගරයේ පෞද්ගලික ආයතනයක ලිපිකාරිනියක ලෙසද සේවය කර තිබෙන බව කියයි.

ඔවුන් මාතර සිට දෙවිනුවර දක්වා යතුරුපැදියෙන් යන අතරතුර දී මාතර සිට තිස්සමහාරාමය බලා ගමන් කරමින් තිබු පෞද්ගලික බසයේ පිටුපස රෝද වලට යටවී තිබෙන බව පොලීසිය කියයි.



අදහස් (14)

පෙම් යුවළ බසයට බිලි

ගුණරත්න Wednesday, 14 May 2025 04:09 PM

මම ඔය අනතුර දුටුවා. තරුණ යුවලක් එක තැන අවසන් ගමන් ගියා. මේ කාලකන්ණි ආණ්ඩුව තමයි වගකිව යුත්තේ මොකද බදු වැඩි කරලා වාහනයක් ගන්න එක හීනයක්ම කලේ මේ ආණ්ඩුව. ලක්ෂ 10ක් විතර ගෙවලා ගන්නේ මොටර් සයිකල්, ලක්ෂ 20ක් ගෙවලා ගන්න තියෙන්නේ ත්‍රීවීල්, මිල අඩුම කාර් එක ලක්ෂ 70යි. කාටද ඔය මිල ගණන් දරන්න පුළුවන්? ආර්ථික විශ්ලේෂක මහත්තයෙක් කියලා තිබුනා අතදිගහැර වියදම් කරන්න පුළුවන් ඉතාම ධනවත් පුද්ගලයන් පමණක් වාහන මිලදීගන්නා බව, කොටින්ම කිව්වොත් සෙල් වලත් විකුනන්න තියෙන්නේ කොටි දෙක්ලේ තුනේ වාහන. ඔන්න මහජන ඡන්දයෙන් පත්වුණු ආණ්ඩුව මහජනයාට සලකන හැටි.

:       154       68

Gayantha wickramasinghe Wednesday, 14 May 2025 07:13 PM

යන්නේ කොහේද? මල්ලේ පොල්...!

:       19       73

සමන්Thursday, 15 May 2025 11:58 AM

අනතුරට මුහුණ පෑ යුවළ හා ඔවුනගේ අභාවය පිළබද මාගේ සාතිශය ශෝකය. ඒ සමගම මෙවන් ගුණරත්න වැනි ආකල්ප දරන පුරවැසියන් සමග ඉදිරියට යාමට උත්සහ දරන රටට සාතිශය ශෝකය පල කරමි.

:       13       51

රජ්ජාThursday, 15 May 2025 12:59 PM

ඔබ උපතින්ම මෝඩයෙක්ද පසු කාලීනව 76 සාපයෙන් මෝඩ පදවිය ලබපු කෙනෙක්ද?

:       10       31

පියල් විරසිංහThursday, 15 May 2025 02:16 PM

අනේ උඹේ ටිකිරි මොලේ .ලංකාවෙ වෙන ඕනෙම මරනයකට ජානාදිපති තුමා ද වගකියන්න ඕනෙ හරකො

:       5       32

අසිතSunday, 18 May 2025 05:02 PM

බත් ටිකක් කන්න මොළේ හැදෙන්න.... මෝඩ කතා කියන්නේ නැතිව. ඔබලා වගේ හරක්ට දෙයක් තේරුම් කරන්න අමාරුයි. රටට බරක් මේ වගේ අය.. මැක්කාගේ රචනාව වගේ හැම එකටම ආණ්ඩුවට බණින්න එපා. එතකොට ඒකෙ වටිනා කමක් නැතිවෙනවා. බණින්න ඕන දේට බනින්න.

:       4       16

AnurangaWednesday, 21 May 2025 01:00 PM

කණගාටුයි, මෝඩකම එහෙම මිල අඩුකරන්න තිබුණා... ඩොලර් එකත් 160යි, 170ත් තිබුණා නම් මෝක කතා කියන්න එපා. ඩොලර් එක කීයද? හැමදේම ගණන්... මොලයක් නැති මිනිස්සු...

:       0       5

Lal Wednesday, 14 May 2025 06:41 PM

සාපය රටපුරාම...

:       41       25

Malika Wednesday, 14 May 2025 07:09 PM

හැම එකටම ආණ්ඩුවට බනින එක දැන් රැල්ලක් වෙලා. මේ රැල්ල වැඩි කරලා ආණ්ඩු බලය ගන්න බලන් ඉන්න අයට හුළං...

:       21       57

Gnasiri Wednesday, 14 May 2025 08:02 PM

ඔය ඇක්සිඩන්ට් එක නම් මම දන්නේ නැහැ. අර අයට අනිත් එක නම් ඔක්කොම ඇත්ත. අපිත් හොඳටම කලකිරිලා ඉන්නේ.

:       29       35

Perera Thursday, 15 May 2025 06:46 AM

ලංකාවේ වාහන ඉස්සර හැමෝටම ගන්න පුළුවන් අඩු මුදලකට තිබුණා වගේ මෙතන සමහරෙකුගේ කොමෙන්ට්. උද්ධමනයත් එක්ක අල්පෙනෙත්තෙ ඉඳලා ඔක්කොම ගණන් වැඩි වෙනවා තමා.

:       5       18

සුමති Thursday, 15 May 2025 09:42 AM

වාහන මිල මේ විදිහට ඉහල දමල තියෙන්නෙ පිනෑන්ස් කොම්පැණි කාරයන්ගෙ ඉල්ලීමට. ජන්ද කාලෙට ජන්ද දායකය වටිනව, බලයට ආපු පසු පිනෑන්ස් කොම්පැණි තමයි වටින්නෙ. ඒකයි මේ සිද්ධිය.

:       8       16

Raweena sawmini Sunday, 18 May 2025 02:19 PM

අනේ ඉතින් මොනවා කරන්නද? අපිටත් සල්ලි බාගෙත් නෑ... අපි දුප්පත් පවුලක්.. අපි හොඳටම අසරණ වෙලා ඉන්නේ. අපිටත් කර කියා ගන්න දෙයක් නැතුව මේ ඉන්නේ...!

:       2       5

රුවන් Friday, 23 May 2025 01:02 PM

2024ට කලින් ලංකාවේ බහුතරයක් පැද්දේ කාර්, මහින්ද රාජපක්ෂ කාලේ මොටර් බයික්, ත්‍රිවීල් ඇහකටවත් දැකලා නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 79 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site