
(අංජුල මහික වීරරත්න)
නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අරඹා ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත් කළ විද්වත් කමිටුවක් මඟින් ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් පවතියි.
නව පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගත වීමට අදහස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කියයි.
ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින සිට දින 14 ක් ඇතුළත, ලියුම් කවරයේ වම් කෙළවරේ “ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා යෝජනා” යනුවෙන් සඳහන් කොට ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නො. 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි